ප්‍රවීණ ගේය පද රචක මඩවල එස්. රත්නායකයන් විරචිත, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සුගායනයෙන් ඔපවත් වූ “බඹරෙකු ආවයි නිරිත දිගේයා” ගීතය සියුම් ධ්වනිතාර්ථ සහ සංකේත භාවිතය අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී. සරල ජනකවි ආරක් සහ ලාලිත්‍යමය බස් වහරක් ඇසුරින් රචනා වී ඇති මෙම ගීතය, බාහිරින් පෙනෙන ප්‍රේමණීය ස්වරූපයට වඩා ගැඹුරු ඛේදවාචකයක් සහ සමාජීය යථාර්ථයක් සඟවා ගෙන සිටියි. විශේෂයෙන්ම මෙහි පළමු පදයේ එන “නිරිත දිගේයා” යන යෙදුම පිළිබඳව ඇතැම් රසිකයන් අතර පවතින ජනප්‍රිය මතයක් වන්නේ ‘අනංගයාගේ නිවස නිරිත දිශාවේ පිහිටා ඇති නිසා’ රචකයා මෙම යෙදුම භාවිත කර ඇති බවයි. එහෙත් සාහිත්‍යමය, භාෂාමය සහ පුරාණෝක්ති (Mythological) මූලාශ්‍ර විමසීමේදී එම මතය පදනම් විරහිත බව තහවුරු වේ.
Continue Reading

මීට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, ඉන්දියාවේ කොසොල් ජනපදයේ ප්‍රධාන වෙළඳ මාර්ගයක පිහිටි කේසපුත්ත නම් නියම්ගමේ විසූ කාලාම වැසියන් මුහුණ දුන්නේද හරියටම මේ අර්බුදයටමය. ඒ නගරය එදා පෙරදිග “මතවාදී වෙළඳපොළක්” විය. එහි පැමිණි විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණවරු තම තමන්ගේ දර්ශනය පමණක් පරම සත්‍යය ලෙස උලුප්පා දක්වමින් අන් මත පතුරු ගැසූහ. කාලාම වැසියන් බුදුරජාණන් වහන්සේ හමුවී ඇසුවේ අදටත් වලංගු ඒ සදාතනික ප්‍රශ්නයයි: “ස්වාමීනි, මේ හැමෝම තමන් හරි කියනවා, අනුන් වැරදියි කියනවා. මේ අයගෙන් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද?”Continue Reading