බලයේ සදාකාලික මුළාව සහ පුරවැසියාගේ ගෙලට වැටෙන නීතිමය තොණ්ඩුව: ප්රජාතන්ත්ර විරෝධී නීති සම්පාදකයන්ට ඉතිහාසයෙන් පාඩමක්
දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට පුරවැසියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් සිරගත කිරීමට යොදාගත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහමුලින්ම අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ එම මර්දනකාරී නීතිය අහෝසි කිරීම වෙනුවට, ඊටත් වඩා බිහිසුණු සහ එකිනෙකට බැඳුණු නීතිමය ස්තර දෙකක් ඔස්සේ සාමාන්‍ය පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය, පෞද්ගලිකත්වය සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ගිලගැනීමේ සූක්ෂ්ම ව්‍යාපෘතියකි. ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) යන පනත් ද්විත්වය හරහා නිර්මාණය වන්නේ දේශපාලනඥයන්ට හෝ මාධ්‍යවේදීන්ට පමණක් නොව, මහමඟ බැස තම අයිතීන් වෙනුවෙන් හඬ නගන සෑම සාමාන්‍ය පුරවැසියෙකුටම එරෙහිව ක්‍රියාත්මක කළ හැකි මර්දන යාන්ත්රණයකි.Continue Reading











