cat fox

පූස් ලෝලීන්ට කෝසිකාවෙන් බළල් නරියෙක්

Live Science වෙබ් අඩවියෙන් ගත්ත මේ පිංතූරයේ ඉන්නෙ බළල් නරියෙක්. ඔව්, උගේ නම Cat fox. සතුටු වෙන්න, දවසින් දවස සත්ව ප්‍රභේද රැසක් වඳ වී යන ලෝකයේ මේ අලුතින් සොයාගත් සත්ව විශේෂයක්.

Sinhala Tamil English Translations and Content Writing

බළල් නරියා ජීවත් වෙන්නෙ ප්‍රංශ දූපතක් වන කෝසිකාවේ වනාන්තරවලයි. ඌ ගෘහස්ථ බළලෙකුට සමානයි, හැබැයි තරමින් මඳක් විශාලයි. උගේ වලිගය නරියකුගේ වගේ. වයිරං තුනක් හතරක් තියෙන උගේ වලිගය අග්ගිස්ස කළු පාටයි. කකුල්වලත් වයිරං තියෙනවා. උගේ කණ් ලොකුයි. රැවුල් ගස් කෙටියි. දත් බල්ලකුගේ වැනියි. බලු, නරි ලක්ෂණ තිබුණට ඌ බිළාලයෙක්.

2012දී බළල් නරියා පිට කැසූ තැනකින් අහුලාගත් ලෝම ඇසුරෙන් කළ ජාන පරීක්ෂාවකින් සොයා ගත් පරිදි ඌ දැනට හඳුනාගෙන තිබෙන කිසිදු සත්ව ප්‍රභේදයකට අයත් නැහැ. හැබැයි, උගේ ජාන අප්‍රිකානු වන බළලාට සමානයි.

දැන් විද්‍යාඥයන් නරි බළලා පිළිබඳ අධ්‍යයන කරනවා. කෝසිකාවේ ඔවුන් 16දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දන්නා දේ ටිකයි. නොදන්නා දේ වැඩියි. අනුමාන කරන පරිදි අවුරුදු 6,500කට පමණ පෙර ගොවීන් විසින් මෙම බළලා මෙම දිවයිනට රැගෙන විත් ඇතැයි සැලකෙනවා. මේ පර්යේෂණවලින් අනතුරුව බළල් නරියා අලුත් සත්වයකු ලෙස ලියාපදිංචි කරන්නට හැකි වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

බළල් නරියා සංරක්ෂණය කළ යුතු සතෙක්. ඌට තර්ජන තියෙන්නෙ රන් රාජාලියාගෙන් තමයි.