මුස්ලිම් විරෝධී මර්දනයට ගොදුරු වූ සිංහල බෞද්ධ අනුෂ්ක දිල්හාර

මෙම ඡායාරූපයේ සිටින තරුණයා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු වන අනුෂ්ක දිල්හාර ය. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළේ ය.
ඔහු ඡායාරූපකරණයෙහි යෙදෙන්නෙකි. පසුගිය දිනෙක ඔහු මුස්ලිම් මිතුරන් දෙදෙනෙකු සමග කන්දක් නැග පහළ රත්නපුර නගරයේ සහ පන්සලක ඡායාරූප ගත් බවට චෝදනාවක් මත ඔහු සහ එම මිතුරන් දෙදෙනා දැන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.
ඔහු සන්තකයේ හමුදා තෝප්පිවලට සමාන තොප්පි තිබුණ බව හා කුරානයක් ළග තිබුණු බව ද ඔහු සැකපිට හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබේ.
ඔහුට විරුද්ධව එක්තරා භික්ෂුවක් විසින් පසුගිය දිනෙක රත්නපුර නගරයේදී ද්වේෂසහගත ප්‍රචාරයක් ගෙන යන ලදී. එහිදී භික්ෂුව ඔහු මොහොතකට පිටට දෙන ලෙස ඉල්ලා සිටියේ මරා දැමීමට බව පළපුරුදු මිනින්දෝරුවරයකු වන අනුෂ්ක දිල්හාරගේ පියා පවසයි.
සිය පුත්‍රයා සතුව බෞද්ධ දර්ශනය පිළිබඳ පොත් මෙන් ම බයිබලය හා කුරානය ද තිබුණු මුත්, කුරානය පමණක් අත්අඩංගුවට ගත් බව පියා පවසයි. නිවසේ තිබූ තොප්පිය අවුරුදු කීපයකට පෙර තමන් විසින් පදික වේදිකාවෙන් මිළ දී ගෙන මිනුම් කටයුතුවලදී පාවිච්චි කළ තොප්පියක් බව පියා පවසයි.
Kithul gahe giya ekatath kiyanna ddwal thibunane.
දුර බලන්න, ලඟ නොබලන්න කිව්වත් සමහර සිංහල තලේබාන්වරු ක්‍රියා කරන්නේ ඉතා මුග්ධ ආකාරයටයි !
Ada lankawe pawathinne pransa viplawayata aasannaye pewathi samaaja sansiddhiya men EKINEKAATA EKINEKAA AVISWAASA VIEMAI . !