ලොකු ම බොරුකාරයා දිවයින ද? ලොකුගේ ද?

පහත දැක්වෙන්නේ ජුනි 22දා දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි.
රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්ඩුවෙන් ඉල්ලයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‘දිවයිනට’ පැවැසීය.
මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක් බව ද හෙතෙම කීය.
මෙහි දී තවදුරටත් කතා කළ ගාමිණී ලොකුගේ මහතා මෙසේ ද කීය.
දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක් තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඕනෑ.
දැන් මේ අය රජයේ රෝහල්වල සායනවලට එන බෞද්ධ ජනතාව ළඟට ගිහින් ටිකට් එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට් එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න වැඩේ කරගෙන අපේ මේ තැනට ගිහින් කෑම කන්න කියලා. එතන කුකුල් මස්, එළවළු, පරිප්පු ඇතුළු තවත් කෑම බුෆේ විදිහටයි කෑම දෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඉක්මන් පියවරක් ගන්න කියලා.
කෙසේ නමුත් තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බව ගාමිණී ලොකුගේ පැවසුවේ යයි වොයිස් ටියුබ් යූටියුබ් නාලිකාවේ පහත දැක්වෙන වීඩියෝවේ දැක්වේ.
ගාමිණී ලොකුගේ මෙම ප්‍රකාශය දිවයින පුවත්පතට සිදු කළ බව තහවුරු කිරීමට සාධක දිවයින පුවත්පත සතු විය යුතු ය.
එසේ නොමැති නම්, දිවයින පුවත්පතේ මෙම වාර්තාව ව්‍යාජ පුවතකි. එහි අරමුණ වන්නේ සත් චේතනාවෙන් සිදු කරන බව පෙනෙන සමාජ සේවා කටයුත්තකට අකුල් හෙළා, බාධා කර, කඩාකප්පල් කරදැමීම විය හැකි ය. එසේම, එය නිර්මාණය කරනු ලබන්නේ ජනවාර්ගික ගැටුම් ඇති වී තිබෙන සංවේදී වකවානුවක ය. එම ගැටුම් තීව්ර කිරීමේ අරමුණක් මෙම පුවත්පතට හා මෙම ප්රවෘත්ති ලේඛකයාට තිබෙනවා විය හැකි ය. මෙවැනි පවිටු අරමුණු සහිත ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යම් යාන්ත්‍රණයක් අවශ්‍ය බවට මෙම පුවත කදිම නිදසුනකි.
මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ ප්‍රධාන අනුග්‍රහයෙන් ජනපෝෂ නම් ආයතනයක් විසින් කොළඹ මහ රෝහල, කළුබෝවිල මහ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල අසල පවත්වාගෙන යන දන්සැල් මගින් දිනකට රෝගීන් සහ රෝගීන්ගේ උපකාරයට සිටින අය 2000කට පමණ උදේ සහ දිවා ආහාර ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. මෙම පුවතින් ඉලක්ක කරන්නේ එම වැඩපිළිවෙල ය.
ප්‍රධාන ඡායාරූපය www.colomboxnews.com වෙතිනි
DEPAARSHAWAYAMA LOKUMA BORU KAARAYO WETHI.
Paraa , Obata mathakada kudaa kalayedi maa piyan visin genenalada RADIO ven himidiri paandara asuu ho asannayai yomu kala MIYTHRIE CHINTHAA , DAWASEA SITHUVILI , UFG FAATHUL ISLAAM , HINDU PRARTHANAA …AEA yugaya narakada . Siyallo jaathi aagan nosalakaa minisath kama sithaa ho yan saha jeiwanayen sitiye Jaathiya Hoo Aaagama ta jayiwa vidyaathmaka sambandayak nethi bawa denuna nisaada nethnam wenath paarisaraka karunu mulkaragenada ? . Kese wethath owhoo ekineka sathutin jeewathwoo bawa nam niboruya .