National Transport Medical Institute

රියදුරු බලපත්‍ර ප්‍රශ්න විසඳාගන්නට යන්නට පෙර අනිවාර්යයෙන් කියවන්න

ලංකාවේ හැම අවුරුද්දක ම අලුතෙන් දරුවන් ලක්ෂ තුනකට වඩා උපදිනවා. ඒ කියන්නෙ ඒ හා සමාන පිරිසක් හැම අවුරුද්දක ම වයස අවුරුදු 17 සපුරනවා. ඒ අතරින් 50%ක්වත් රියදුරු බලපත්‍ර ලබාගන්නවා ඇති. පිරිමින් අතර නම් මේ ප්‍රතිශතය ගොඩක් ඉහළයි. ගැහැණුන් වුණත් දැන් වැඩි වැඩියෙන් රියදුරු බලපත් ගන්නවා. දැන් නිකුත් කරන රියදුරු බලපත් අවුරුදු හතකට පස්සෙ අලුත් කරන්නට ඕනැ. තව සමහර වෙලාවට, තියෙන බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කරගන්නට ඕනැ වෙනවා. එහෙමත් නැතිනම් රියදුරු බලපත්‍රය නැති වෙලා, අලුතෙන් එකක් ගන්නට ඕනැ වෙනවා. මේ කොයි දේටත් ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ එහි දිස්ත්‍රික් කාර්යාලයකට යා යුතුයි. දවස් ගණනාවක් මේ වෙනුවෙන් රස්තියාදු නොවෙන්නට නම් ඔබ මනා සැලසුමකින් වැඩ කළ යුතුයි. හැබැයි, වැඩ කරන දවසක් මේ වෙනුවෙන් කැපකරන්නට අනිවාර්යයෙන් ම සිදු වෙනවා.

Sinhala Tamil English Translations and Content Writing

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට කුරුණෑගල, කලුතර, හම්බන්‍‍තොට, ගම්පහ (මීගමුව උප කර්යාලයක් පිහිටා ඇත), අනුරාධපුර, යාපනය, මොණරාගල දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමයට ද, අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමයට ද රියදුරු බලපත්‍ර ලබාගත හැකියි. ඒ සඳහා ඔබ පෞද්ගලිකව ම යා යුතුයි.

දැන් ඕනෑ ම ආකාරයක රියදුරු බලපත්‍රයක් ලබාගන්නට පෙර ඔබ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලබන එවැනි මධ්‍යස්ථානයකින් හෝ ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. ඔබ ජීවත් වන තැනට ආසන්නයෙන් එය ලබාගන්නට පුළුවන් කොහොමද කියන එක සහ ඔබට මේ සඳහා අවශ්‍ය ලියකියවිලි ගැන 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඕනෑම දුරකථනයකින් ඇමතුමක් දී අසාගන්නට පුළුවන්. ඒ සේවාව ඉතා සුහද, කාර්යක්ෂම එකක්. 

බොහෝ දෙනෙකු යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබාගන්නට යන්නේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයටයි. මේ දෙක ම ඉතා ම අකාර්යක්ෂම ආයතන. ඒ නිසා එහි යනවා නම් කල් තබා සූදානම් වී යා යුතුයි.

උදෙන් ම යන්න. වේරහැර වෛද්‍ය මධ්‍යස්ථානයේ අංක නිකුත් කිරීම උදේ 8.30 වන විට අවසන් වෙනවා. වෛද්‍ය සහතිකය නැතුව කිසිවක් කරගන්නට බැරි නිසා ඔබට ආපසු හැරී යාමට සිදු වෙනවා. දවසත් ඉවරයි. 

නුගේගොඩ ගියත්, උදෙන් ම යන්න. පැය හතරක් පහක් අව්වේ හා වැස්සේ, දූලි මඩ සහිත පෝලිමක ඉන්න බලාගෙන යන්න. කුඩයක් අරගෙන යන්න. සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න. බර බෑග් ආදිය ගෙනයන්නට එපා. අව් කණ්ණාඩි කුට්ටමක් වුණත් ප්‍රයෝජනවත් වේවි. වතුර බෝතලයක් අරගෙන යන්න. ගෞරවනීය පුරවැසියකු ලෙස ඔබට මෙහි සලකන්නේ නැති බව දැනගෙන යන්න. වතුර එකක් බොන්නට හෝ පිරිසිදු වැසිකිළියක හෝ පහසුකම් නොලැබෙන බව අවබෝධ කරගන්න. මේ ආයතන ඔබේ මුදල් ලබාගත්තාට, ඒවා පවතින්නේ ඒ සේවකයන් වෙනුවෙන් මිස ඔබ වෙනුවෙන් නොවන බව තේරුම් අරගන්න. හැබැයි, අසාධාරණයට එරෙහිව සාමකාමීව කතා කරන්න බය වෙන්න එපා. තමන් බදු ගෙවන ජනතාව බවත්, එහි සේවකයන් සිටින්නේ ඔබට සේවය කිරීමට බවත්, ගෞරවනීය ලෙස මහජනයාට සැලකීම මහජන මුදලින් යැපෙන ඔවුන්ගේ වගකීම බවත් බය නැතුව සාමකාමීව කියන්න. එතකොට ඔවුන් අපහසුවට පත් වෙනවා.

මේ පෝලිමේ යනවා ය කියන්නෙ ම ඔබ රියදුරු බලපත්‍රයක් ගන්නට යෝග්‍ය ය කියන එක ඔප්පු වෙනවා වගේ. මෙතන පෝලිම් කීපයක් තිබෙනවා. පළමුවැන්න අංකයක් ලබාදෙන්නට. එතනදි ඔබේ උස, බර මැනලා අයදුම්පත දෙනවා. එහි අංක පිළිවෙලට තමයි ඔබව ගන්නේ. තේ එකක් බොන්නට, පොඩි ෂොපිං පාරක් කරන්නට වෙලාව තිබෙනවා. ළඟ පාත කෑම කන්නට තියෙන්නේ තදබද ලොට්ට කඩ සහ පාන් පාන්, පීසා හට්, රජ බොජුන් වගේ තරමක් පොෂ් කඩ. 

කොහොම වුණත්, අංකය ලියාපදිංචියට ගන්න වෙලාව අනුමාන කරගෙන පෝලිමට එකතු වෙන්න. ඔබ කාලය කාබාසිනියා කරගන්නෙ නැතුව මොකක් හරි වැඩකුත් කරගෙන පරක්කු වෙලා ආපු බව දැනගත්තොත් එහි සේවකයන්ට කේන්ති යනවා. ඔබ සෑහෙන කට්ටක් කාලා රස්තියාදු වූ බව පෙන්නන්න. 

ගේට්ටුවේ ඉන්න මුරකරු හෝ වෙනත් අයෙකු දන්න අඳුරන විදියට හිනා වුණොත්, ප්‍රතිචාර දක්වන්නේ පරිස්සමෙන්. ඒ කාක්කෙකු විය හැකියි. පෝලිමේ නොඉඳ රු. 3500කට වෛද්‍ය සහතිකය ලබා දිය හැකි බව කියන අය ඉන්නවා. කිසි සේත් ම අල්ලස් දෙන්නට එපා. එහෙම කවුරුහරි ඔබට කීවොත් හැකිනම් පොලිසියට පැමිණිලි කරන්න. එම ආයතනයට පැමිණිලි කරනවා නම් ඉහළ ම කෙනෙකුට පැමිණිලි කළ යුතුයි. මොකද, මේ අල්ලස් තව බොහෝ නිලධාරීන් අතරෙ බෙදෙනවා. 

උදේ 8.30ට විතර ගියොත්, පැය හතරකට විතර පස්සෙ පිටුපස පඩි පෙළකින් නැගලා රසායනාගාරය තුළට යන්නට පුළුවන්. එහි ගිය විට ඔබට තේරෙයි එහි අංක වර්ග තුනක් යන බව. පෝලිමේ ආ ඔබේ අංකය කියන්නට පෙර තව අංක වර්ග දෙකක් සඳහන් වෙනවා. එයින් එකක් කාර්ය මණ්ඩලයේ හිතවතුන්ගේ අංක. අනෙක ඔබ මෙන් පෝලිමේ යන්නට බැරි විශේෂ පුද්ගලයන්ගේ අංක. ඒවා ලබා ගන්නට නම් යම් ආකාරයකින් කාර්ය මණ්ඩලය හෝ ඉහළ නිලධාරීන් සමග කතා කළ යුතුයි. මෙහි වෛද්‍යවරුන් දුසිමකට වඩා ඉන්නවා. ඔවුන්ගේ කාමරවලට කැඳවන්නේ කොටස් වශයෙන්. විශේෂ හා කාර්ය මණ්ඩලයේ අංකවලට වෙනම සැලකිලි ලැබෙනවා. හැබැයි, මෙතන වැඩ නම් ටිකක් පිළිවෙලයි. 

වෛද්‍ය පරීක්ෂණය හොඳයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇස් පෙනීම, කණ් ඇසීම, අත පය වැඩ කිරීම ආදිය ඉක්මණින් පරීක්ෂා කරනවා. දිග කලිසම් ඇඳගෙන යන අයට එය දනහිසෙන් උඩට නවාගන්නට වෙනවා. ඒ නිසා හිර කලිසම් අඳින්න එපා. 

එතනදී වෛද්‍යවරයා සහ ඔබ අත්සන් තබන වෛද්‍ය සහතිකය අංකය කතා කර මඳ වේලාවකින් ඔබට දෙනවා. ඒකත් අරගෙන ඊළඟ යුද්දයට වේරහැර යාමට සූදානම් වන්න. එතන ඉඳන් වේරහැරට තුන්දෙනා බැගින් ත්‍රිරෝද රියෙන් යන්නත් පුළුවන්. ගේට්ටුව ළඟ ඉඳන් කතා කරන ත්‍රිරෝද රියදුරන් මේ ලියන දවස්වල රු. 150ක් ඉල්ලනවා. අසාධාරණ නැහැ. එහෙම නැතිනම් නුගේගොඩ හන්දියෙන් දෙහිවල පැත්තට යන බස් එකක ගිහින්, කොහුවල හන්දියෙන් බැහැලා, පිළියන්දල පැත්තට යන බසයක නැගලා වේරහැරට යන්නට පුළුවන්. 

වේරහැර යුද්දය ඊළඟ කොටසින්