රත්නපුරේ දියඇලි


අනුෂ්ක දිල්හාර  (මෙම ලේඛකයා දැනට අත්අඩංගුවේ සිටියි. විස්තර මෙතැනින් >> කියවන්න)

ලංකාවේ වැඩියෙන්ම දිය ඇලි ඇති දිස්ත්‍රික්කය රත්නපුරයි. ලංකාව තුල දැනට සොයා ගෙන ඇති දිය ඇලි ගණන 400 ඉක්මවයි. ලෝකයේ එක් රටක විශාලත්වයට අනුව වැඩිම දිය ඇලි සංඛ්‍යාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. ලංකාවේ ඇති දිය ඇලිවලින් හතරෙන් එකක් රත්නපුරේ පිහිටා ඇත. දිය පහරක් අඩි 15කට වඩා උසකින් යුත් බෑවුමකින් ගලා බසී නම් එය දිය ඇල්ලක් සේ සලකනු ඇත.

රත්නපුර සිට බදුල්ල මාර්ගය අවට දිය ඇලි – 27ක් 
රත්නපුර සිට වේවැල්වත්ත මාර්ගය අවට දිය ඇලි – 11ක් 
රත්නපුර සිට අලුපොත මාර්ගය අවට දිය ඇලි – 1ක් 
බලන්ගොඩ සිට කල්තොට මාර්ගය අවට දිය ඇලි – 7ක් 
රත්නපුර සිට සිරිපාගම මාර්ගය අවට දිය ඇලි – 6ක් 
මාදම්පේ සිට දෙනියයා මාර්ගය අවට දිය ඇලි – 14ක් 
රත්නපුර සිට කලාවන මාර්ගය අවට දිය ඇලි – 11ක් 
ඇඹිලිපිටිය සිට සූරියකන්ද මාර්ගය අවට දිය ඇලි – 9ක් 
රත්නපුර සිට අවිස්සාවේල්ල මාර්ගය අවට දිය ඇලි – 10ක් 
රත්නපුර සිට පානදුර මාර්ගය අවට දිය ඇලි – 3ක් 
රත්නපුර සිට මාවනැල්ල මාර්ගය අවට දිය ඇලි – 6ක් 
රත්නපුර දිස්ත්‍රික්කය මුළු දිය ඇලි ගණන 105ක්

ශ්‍රී ලංකාව යනු රට මැද කඳු පන්තියක් පිහිටා ඇති රටකි. මෙවැනි පිහිටීම් ඇති රටවල් ඇත්තේ ඉතා සීමිත සුළු ප්‍රමාණයකි. මධ්‍යම කඳුකරය අප රටේ හදවතයි. 85%ක් පමණ දිය ඇලි, ගංගාවල ආරම්භය මධ්‍යම කඳුකරයයි. අප රටේ ජල පෝෂක ප්‍රදේශය මධ්‍යම කඳුකරයයි. 
අප රටට පැමිණි විවිධ ආක්‍රමණිකයන් මධ්‍යම කඳුකරය ඉතා සුක්ෂමව විනාශ කළා. පයිනස් වැනි වගාවන් නිසා ජල උල්පත් බොහෝ සේ මරණයට පත් වුණා. ජල උල්පතක් විනාස වූ පසු නැවත පණ දීමට නොහැක. 

මධ්‍යම කඳුකරයේ විනාශය රටේ මරණයයි. මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම අපගේ උර මත ඇති වගකීමකි. බොහෝ ගංගා දිය ඇලි හරස් කොට ජල විදුලිබලාගාර තනා ඇති අතර එයින් සිදු වන පාරිසරික හානිය ඉතා විශාලය. එය ජෛව විවිධත්වයට ඉතා හානි කරයි. ලංකාවට පමණක් ආවේණික වූ මත්ස්‍ය විශේෂ මේ හේතුවෙන් විනාශයට ලඟා වී ඇත. අද අප මුහුණ දෙන බොහෝ ස්වභාවික විපත් සිදුවන්නේ මිනිසා විසින් කරන පාරිසරික හානි හේතුවෙනි. ම්නිසුන් පරිසරය විනාශ කරන අතර ස්වභාවධර්මය එයට පිළිතුරු ලෙස මහා විනාශ සිදු කරයි. 

රටේ ස්වභාවධර්මයට වග කිව යුත්තේ රටේ සිටිනා පාලකයන්ය. අමන පාලක රැලක් සිටින අපේ රටට පරිසරය ආරක්ෂා කරගැනීමට නිවැරදි දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැත. ඔවුනට පරසරය හුදෙක් ව්‍යාපාරයක් පමණයි. මා මෙතෙක් හදාරා ඇති දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිවලට අනුව සොබාදහම ආරක්ෂා කරගැනීමට රටට සුදුසුම දැක්මක් සදහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි. 

උදාහරණය,
මුහුදු මට්ටමේ සිට අඩි 5000සට වැඩි සියලු තැන් කැලෑ වැවිය යුතුය.

“බහුජාතික සමාගම් හා දේශීය තැරැව්කරුවන් එක්වී සිදුකරන මහා පරිමාණ ජාන සම්පත් කොල්ලය නතර කිරීමට අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ සකස් කෙරේ. එමෙන්ම දැනටමත් අප රටට පමණක් අවේනික ජාන සම්පත් තම අයිතියට හිමි කරගෙන සිටින ජාත්‍යන්තර සමාගම් මගින් ඒවා ලබාගැනීමට අවශ්‍ය රාජතාන්ත්‍රික පියවර ගනු ලැබේ”

කොල්ලය නතර කිරීමට අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ සකස් කෙරේ. එමෙන්ම දැනටමත් අප රටට පමණක් අවේනික ජාන සම්පත් තම අයිතියට හිමි කරගෙන සිටින ජාත්‍යන්තර සමාගම් මගින් ඒවා ලබාගැනීමට අවශ්‍ය රාජතාන්ත්‍රික පියවර ගනු ලැබේ”

-අපේ දැක්ම- ප්‍රතිපත්ති මාලාව.. ජනතා විමුක්ති පෙරමුණ 22 පිටුව – 

ලොව බොහෝ රටවල් මේ වන විට පිරිසිදු ජලය නොමැති කම නිසා බොහෝ පිඩා විඳිති. නමුත් අප රටට එය ප්‍රශ්නයක් නොවේ. වර්තමානයේ ජලය නොමැති පළාත්වලට අතීතයේ දි ජලය ලබා දුන් ඉතා දියුණු වාරි තාක්ෂණයක් අප සතුව තිබිණි. නමුත් ඒ සියල්ල ආක්‍රමණ විසින් විනාශ කර දැමීය. ඉතින් මේ ඉතුරු වී ඇති ජල සම්පත නිසි ආකාරව භාවිතා කර ඉදිරි පරම්පරා සඳහා ද රැක දීම අපගේ වගකීමකි.

22-02-2018

පහත දැක්වෙන්නේ ඔහු එම ලිපිය සමග පළ කළ දිය ඇලි ඡායාරූප එකතුවයි.

බේරුවත්ත ඇල්ල, වේවැල්දෙනිය
ඇලි හත, දැරණියගල
අමුණඇල්ල, පැල්මඩුල්ල
තනිඔයඇල්ල, බලංගොඩ
මදනගිරිඇල්ල, වේවැල්වත්ත
මාපලාන ඇල්ල, සිරිපාගම
කටුගස්ඇල්ල, රත්නපුර
දෙමළඇල්ල, බලංගොඩ
දෙහෙන ඇල්ල, වේවැල්වත්ත
සුරතලී ඇල්ල, බෙලිහුල්ඔය
හඳපාන් ඇල්ල, රක්වාන
කූනිස්සන් ඇල්ල, පලාබද්දල
රජානෑව ඇල්ල, රත්නපුර
කිරිඳි ඇල්ල, කුට්ටපිටිය
දූවිලි ඇල්ල, කල්තොට
බෝපත් ඇල්ල, කුරුවිට