මෙහෙම ජනජීවිතය කඩාකප්පල් කරන්නේ කවුරුදැයි තේරුම් ගන්න හැටි

මැයි 13 දින කිසිදු පදනමක් නොමැති කටකතා හේතුවෙන් රටේ ජන ජීවිතය අඩපණ වී තිබේ. රජයේ පාසල් සම්පූර්ණයෙන් ම යළි ආරම්භ වීමට නියමිතව තිබුණ නමුත්, පාසල්වල පැමිණීම ඉතා ම අඩු මට්ටමකට වැටී තිබේ. අද උදෑසන බස්, දුම්රිය ආදියෙන් දෛනික රාජකාරි සඳහා යන පිරිස ද බොහෝ සෙයින් අඩු වී තිබිණි. එසේම, ප්‍රධාන නගරවල රථවාහන තදබදය ද අවම වී තිබිණි. රජයේ කාර්යාල පමණක් නොව ව්‍යාපාර ද බොහොමයක් සාමාන්‍ය තත්වයෙන් ක්‍රියාත්මක වන්නේ නැත.
ආරක්ෂක ප්‍රධානීන් අද දින ආරක්ෂාව තහවුරු කර ඇති බව කීවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවලට කතා කරමින් ආරක්ෂාව පිළිබඳ සැක මතු කළේ ය. ඔහු ඒ සඳහා දඩමීමා කරගත්තේ මැති ඇමතිවරුන්ගේ දරුවන් පාසල් ගොස් නැති බවයි. එහෙත්, සියලු මැති ඇමතිවරුන්ගේ දරුවන් පාසල් නොගිය බවට තොරතුරු නැත. කෙසේ වෙතත්, එම ප්‍රකාශවලට විද්‍යුත් මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ක්‍රියා කරන්නේ
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු වාර්ගික කලබල ඇති වන රටාවක් දැකිය හැකි ය. රජයේ පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණු පසුගිය මැයි 6දාට පෙර දින මීගමුවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ අතර, ඒ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවන ලදී. මෙම සිද්ධියට හේතුව ත්‍රිරෝද රථ නැවතුමක සිදු වූ පුද්ගල ගැටුමකි.
මැයි 13දා රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබියදී මැයි 12දා හලාවතින් ඇරඹුණු ප්‍රචණ්ඩ ක්‍රියා රටේ වෙනත් ප්‍රදේශවලට ද පැතිරිණි. පාසල් ආරම්භ කරන උදෑසන ආරම්භ වුණේ ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කරමිනි. එයට ද හේතුව ඉතා සුළු ෆේස්බුක් කමෙන්ටුවකි. එය ජනවර්ගයන් අතර අසමගිය ඇති කිරීම අරමුණු කරගත් එකක් නොවුණත් මේ වන විට එම ෆේස්බුක් කමෙන්ටුව ලියූ මුස්ලිම් ජාතික පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. එය ඉංග්‍රීසි වැරදියට වටහාගැනීමක් ලෙස ඇතැමෙකු පෙන්වන්නට උත්සාහ කළත් ඇත්ත එය නොවේ.
කිසියම් සැලැස්මක් අනුව නිශ්චිත දිනවලදී ප්‍රචණ්ඩත්වය ඇති කරනවා විය හැකි ය. ඒ වෙනුවෙන් ඕනෑ ම සුළු සිද්ධියක් පාවිච්චි කළ හැකි බව හලාවත සිද්ධියට පසුබිම් වන ෆේස්බුක් කමෙන්ටුවෙන් පෙනේ.
මෙම තත්වයෙන් වාසි ගන්නා පුද්ගලයන් මෙම තත්වය ඉදිරි මැතිවරණයක් දක්වා ඉදිරියට ගෙන යා හැකි ය. මේ වන විටත්, මැයි 28දා සම්බන්ධයෙන් මීළඟ කටකතා වටය ආරම්භ කර තිබේ.
මේවා සමග එක්ව වැඩ කරන පිරිස් අතර ගුරු සංගම් ද තිබෙන බව ඇතැම් ගුරු සංගම් නායකයන්ගේ චර්යාවෙන් පෙනේ.
අවසානයේදී මෙම කඩාකප්පල්කාරීන් පිරිස ඉටු කරන්නේ ත්‍රස්තවාදීන්ගේ උවමනාවයි. එක පැත්තකින් ජන ජීවිතය අඩාල කර දමනු ලැබේ. අනෙක් පැත්තෙන් ආර්ථිකය විනාශ කරනු ලැබේ. ඒ සමග ඇති වන තත්වය අන්තවාදයට සරු පසක් සපයනු ඇත. ප්‍රතිවිරුද්ධ අන්තවාදයන් විසින් අන්තවාදයන් පෝෂණය කරමින් පවත්වාගෙන යනු ඇත.
Billa ta minissu bayai . Baya aththoda balaya labaa ganiemata vera daranno da billek soyamin siti vitaka ahamben ho , aayaasayakin ho , poorwa soodaanamakin ho Billa lankawe pradoorbhootha viya . Den billagen bhraantha woo janathaawa mudthitha kireemata wenda weirayan karaliya aakramanaya karanu atha . Weirayek bihiweeme bihidora viworthawei seyak dene.