දෙනියාය රක්වාන පාරෙ ගිය ලස්සන ගමනක්

අජිත් පැරකුම් ජයසිංහ
සමහර පාරවල ගමන් යන එකත් හරි ම විනෝදජනකයි. වෙන කොහේවත් බලන්නට නොගියත්, අවට සිරි නරඹමින් පාරේ යාම පවා ප්‍රමාණවත් පාරවල් ලංකාවේ තිබෙනවා. එවැනි පාරක යන විට දැනෙන්නේ උද්‍යානයක සැරිසරනවා වගේ එහෙමත් නැතිනම් සෆාරි චාරිකාවක් යනවා වගේ හැඟීමක්. අතරමගදි වන සතුන් හමු නොවන්නෙත් නැහැ. එහෙම හමු නොවුණත්, අපූරු මිනිසුන් නම් හමු වෙනවා, අනිවාර්යයෙන් ම.
දෙනියාය රක්වාන පාර එවැන්නක්. මේ අති පැරණි මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නට පටන් ගන්නට කලින් දෙනියායේ සිට සූරියකන්ද හරහා රක්වානට යද්දී අතරමගදී ගත්ත ඡායාරූප කීපයක් තමයි මේ.

මේ පැරණි ඵලකයේ තිබෙන විදියට මේ පාර විවෘත කර තිබෙන්නේ 1941දී එවකට සන්නිවේදන සහ වැඩ ඇමති ජෝන් කොතලාවල විසිනුයි. ගිය අවුරුද්දේ එම මාර්ගයේ යන විටත් දෙනියායේ සිට රක්වාන ආසන්නය දක්වා ම පැවතියේ ඒ කාලෙ හදපු පැරණි පටු මාර්ගය ම තමයි.

මේ පටු පාර නයෙකු වගේ වංගු ගනිමින්, කඳු නගිමින්, පල්ලම් බසිමින් ඇදී යන්නෙ හරිත වන රොදවල්, සුන්දර තේ වතු, සන්සුන් ගම් බිම්, මනස්කාන්ත දිය කඳුරු පසු කරගෙනයි.

හෙමින් යන ගමන් අතරමග කඳු, හෙල්, මිටියාවත් අසල නැවතිලා පරිසර සුන්දරත්වය පංචේන්ද්‍රියයන්ගෙන් ම විඳගන්නට පුළුවන්.
ඉඳහිට හමු වන ගමේ කඩේකින් තේ කෝප්පයක් බීලා යන එකත් සුන්දර අත්දැකීමක්. පාර සංවර්ධනය කළ විට මේ පාරේ අලුතෙන් බොහෝ කඩ සාප්පු හැදේවි.

මග දිගට හමු වන්නේ තේ වතුවල වැඩ කරන කම්කරුවන් සහ සාමාන්‍ය ගැමියන්. ගමන පුරා ම හිතට දැනෙන්නෙ ආදරය.

එම මාර්ගයේ රිය පැදවීමත් අපූරු විනෝදයක්. හැබැයි පරිස්සමෙන්.

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.
Deniyaaya Rakwaana paara lipiya baluwa . Nice . Den den Parakum tikak romantic welaa wage denenewa . But it is not bad . ! Bcs its good to be little romatic to our hearts .
Thanks for the post. I brought back some nostalgic memories of my 2010 road trip along this road. You have posted some nice photographs and I too captured those very attractions, though form slightly different angles. The road condition was the same for more than 5 years, as I remember, not superb but not too bad too.