ජනාධිපතිවරයා ප්‍රහාර වැළැක්වීමට ක්‍රියා නොකළේ ඇයි?

රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය විසින් පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ පිපිරීම් හා සමූහ ඝාතන මාලාව පිළිබඳ ජනාධිපතිවරයාට අඩු වශයෙන් අවස්ථා තුනකදී විස්තර සහිතව වාර්තා කර ඇති බව අද දින Daily FT පුවත්පත විසින් විශ්වාසකටයුතු මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන ලදී.
(දැන්වීමෙන් පසු ලිපිය කියවන්න)මෙම වාර්තා කිරීම සිදු කර තිබෙන්නේ අප්‍රේල් 11දා, 16දා සහ අප්‍රේල් 20දා සවස බව ද, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලෙස බල කළ බව ද පුවත්පත වාර්තා කරයි. ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතත්, ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බව නොපෙනෙන බව පුවත්පත පවසයි. ක්‍රිස්තියානි දේවස්ථාන ඉලක්ක වන බව නිශ්චිතව සඳහන් කර ඇති මුත්, පොලිස්පතිවරයා ඒ පිළිබඳව අදාළ ආගමික බලධාරීන් හෝ දැනුවත් කර නැත.
සිද්ධියට පැය කීපයකට පෙර ජනාධිපතිවරයා නිවාඩු ගත කරමින් සිටි සිංගප්පූරුවට දුරකථන ඇමතුමකින් මේ බව දැනුම් දීමට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ප්‍රධානියා කටයුතු කර තිබෙන බව Daily FT පවසයි.
ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ ඒ අනුව අදාළ ආරක්ෂක ආයතන ප්‍රධානීන් දැනුවත් කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් යොමු කිරීම වන මුත්, මෙම වාර්තාව සත්‍ය නම්, ජනාධිපතිවරයා එසේ කර නැත. එක්කෝ සිතාමතා නොතකා හැරියා වන්නට හෝ නැතිනම් අපරීක්ෂාවෙන් නොසලකා හැරියා වන්නට ඇත. කුමක් වුවත් එය ඉතා බරපතල ය.
එහෙත්, ජනාධිපතිවරයා පසුව පැවසුවේ ඔහු එකී වාර්තා පිළිබඳ දැනගත්තේ සමාජ මාධ්‍යවලින් බවයි. ඔහු සිය වරද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර මත පටවා ඇඟ බේරාගත්තේ ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තනතුරින් ඉල්ලා අස් වූවත්, පොලිස්පතිවරයා ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා දුන් නියෝගයට අභියෝග කරමින් ධුරයේ රැඳී සිටියි. ජනාධිපතිවරයා ඔහු වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නට කටයුතු කර තිබේ.
ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිවරයාගේ සිට සියලු ඉහළ නිලධාරීන් මෙම ප්‍රහාර මෙතරම් දැවැන්ත, විනාශකාරී හා සංවිධානාත්මක නොවන්නට ඉඩ ඇතැයි අනුමාන කිරීම තරමක් දුරට සාධාරණ ය. එවැනි අනුමානයක් සිදුවීම සිදු වන තෙක් කිසිවකුට කිරීමට නොහැකි වීම පිළිගත හැකි තත්වයකි.
එහෙත්, ගැටලුව වන්නේ අවම ක්‍රියාමාර්ග හෝ ගැනීමට විශේෂයෙන් ම ජනාධිපතිවරයා කටයුතු නොකිරීමයි. එපමණකින් නොනැවතී ඔහු ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේ ද සැලකිය යුතු ප්‍රමාදයකින් පසුවයි.
ඔහු මේ සියල්ල දැනගෙන මගහැර සිටියා ද? මේ සිදුවීම් පසුපස කිසියම් දේශපාලන අරමුණක් ක්‍රියාත්මක වේ ද? මෙය කිසියම් කුමන්ත්‍රණයක් නම් එහි ගැඹුර කුමක් ද? මේවා කවදා හෝ පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න ය.
Deasapaalana aramunak nam kriyaakaari siyalu deasapaalanika paarshawayan wagakiya yuthui . Heathuwa ekineka anekaage upparawetti anumaana karamin prathi upparawetti nirmaanaya kala heki bevini.