Abu

අප්‍රේල් 21දා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ත්‍රස්ත කල්ලියේ අය විසින් භාවිතා කරන ලද සංවිධාන නම්වල අබු යන යෙදුම තිබෙනවා. උදාහරණයක් ලෙස සවුදි අරාබියේදී අත්අඩංගුවට ගෙන ජුනි 9දා ශ්‍රී ලංකාවට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් නමැත්තා පාවිච්චි කර තිබෙන්නේ අබු සීලන් යන සංවිධාන නමයි. සහරාන් හෂීම්ල අබු උබායිදා ලෙස නම් කරගෙන තිබුණා.

Sinhala Tamil English Translations and Content Writing

අයිඑස් සංවිධානයේ නායකයා පාවිච්චි කරන නම අබු බකර් අල් බග්දාදි යි. අබු සායිෆ් නම් වන ත්‍රස්ත සංවිධානයක් පිලිපීනයේ තිබෙනවා.

මොකක් ද මේ අබු කියන අරාබි වචනෙ තේරුම? එහි අරුත තමයි පියා යන්න. එහි තිබෙන ගෞරවාන්විත අර්ථය නිසා පියතුමා, පීතෘවරයා වැනි අදහසකින් තමයි අබු කියන නම පාවිච්චි කරන්නෙ.

වැඩිමහල් පුතාට අබු කියන නම සමග තමන්ගේ නම තැබීමේ චාරිත්‍රයක් පලස්තීන, ඉරාක වැනි සමාජවල ජනයා අතර තිබෙනවා. ඒ අනුව, මොහොමඩ්ගේ වැඩිමහල් පුත්‍රයා අබු මොහොමඩ්. එහෙත්, එහි අරුත මොහොමඩ්ගේ පියා යන්නයි. ඒ අනුව, ඒ නම ලැබූ පුද්ගලයාට උපදින පළමු පුත්‍රයාට මොහොමඩ් යයි නම තැබීමට ඔහු බැඳී සිටිනවා.

මෙම ව්‍යවහාරයට අන්වර්ථ නාමය යන අරුත දෙන කන්යා කියන වචනය ද භාවිතා වෙනවා. පැරණි ගෝත්‍රික ජනයා අතර යම් පුද්ගලයකුට නමින් ඇමතීම අයෝග්‍ය බවට අදහසක් තිබුණ නිසා මෙවැනි ව්‍යවහාරයක් පැමිණි බවත් විද්වත්තු කියනවා.

ඉස්ලාම් අන්තවාදීන් මේ අන්දමින් තම නම වෙනස් කරගැනීමට පෙළඹී තිබෙන්නේ එකී පැරණි ව්‍යවහාරයට අනුව බව පෙනෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට හත අතරින් විශාලතම එමිරේටය හා අග නගරය වන අබු ඩාබි යන වචනයෙහි තේරුම ගැසල්ගේ පියා යන්නයි. ගැසල් යනු අං සහිත කුඩා ඇන්ටිලෝප් මුව වර්ගයක්.

Photo courtesy: http://engrave.in

1 thought on “ඉස්ලාම් ත්‍රස්ත නායකයන්ගේ නම්වලට ‘අබු’ එකතු වුණේ කොහොමද?

  1. මේක මහා ලොකු දෙයක් නෙවෙයි.
    ඔයාගෙ තාත්තාගෙ නම වෙන්නෙ “අබු පැරකුම්”.
    ඒ වගේම ඔයාගෙ පුතා “බින් පැරකුම්” එහෙම නැත්නම් son of parakum කියන එක තමයි ඒකෙ තේරුම. Osama Bin Laden හැදුනෙත් එහෙම්මම තමයි.
    දුව නම් “බින්ත් පැරකුම්” ඒ කියන්නෙ daughter of parakum.
    මේ ක්‍රමය එන්නෙ පෙළපත සහ පියා කවුද කියන එක හොයාගන්න. ඒක තමයි ඉස්ලාම් නීතිය (islamic sharia)
    ඒකට හේතු වෙන්නෙ, ළමයෙක් දස මසක් මව තම කුසේ දරන් ඉන්න එක වෙන අයගෙන් හන්ගන්න අමාරුයි. හැබැයි පියා සම්බන්ද වෙන්නෙ අදාල කාර්‍යය කරන අවස්තාවෙදි පමණයි. ඉතින් තම පියා කවුද කියන යන වගත් මේ ක්‍රමයට නම් දාන්න හේතු වුනා.
    මුස්ලිම් අයට මේක මැජික් නෙවෙයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: