ආරක්ෂක ගිවිසුම් ගැන වියට්නාම් පාඩම ලංකාවට

ලෝකයේ රටවල් 168ක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන තිබෙන වියට්නාමය ජාතීන් අතර සම්බන්ධතා ඇතකරගැනීමේදී නොකරන හෝ නොකළ යුතු කරුණු තුනක් ප්‍ර‍සිද්ධ කර තිබෙන බව හිටපු ඇමති හා දේශපාලන විචාරක මිලින්ද මොරගොඩ ලංකාදීප පුවත්පතේ සිය කොලමෙහි සඳහන් කරයි. ඔහු සඳහන් කරන පරිදි වියට්නාමය අනුගමනය කරන එම කරුණු තුන මෙසේ ය:

Sinhala Tamil English Translations and Content Writing
  1. ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් ඇති කරනොගැනීම
  2. වෙනත් රටකට එරෙහිව තවත් රටක් සමග සම්බන්ධතා ඇති කරනොගැනීම
  3. විදේශ හමුදා සේනාංකවලට වියට්නාමය තුළ කඳවුරු බඳින්නට ඉඩ නොදීම

ශ්‍ර‍ී ලංකාව ද විදේශ රටවල් සමග සම්බන්ධතා ගොඩනගාගැනීමේදී නොකළ යුතු දේ ගැන ස්ථිර ප්‍ර‍තිපත්තිමය එකඟතා ඇති කරගත යුතු බව ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ලංකාදීප පුවත්පතට අද දින ලියන ලද මිලින් ප්‍ර‍ශ්න නම් කොලමෙහි ය.

ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කරන ලද ගිවිසුම් දෙකක් පිළිබඳ මේ දිනවල ආන්දෝලනයක් ඇති වී තිබේ.

ඉන් පළමුවැන්න 2007 මාර්තු 05 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ එවක සිටි ඇමරිකානු පුරවැසි ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ එවකට ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අතර කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට නොදන්වා අත්සන් කරන ලද ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම (Acquisition and Border Services Agreement – ACSA) වේ. එය පැහැදිලිව ම දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවකි. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, තායිවානය, පිලිපීනය, ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්පාඤ්ඥය, ප්‍රංශය, එක්සත් රාජධානිය, නෝර්වේ, ස්වීඩන්, පින්ලන්තය, චිලී, බ්‍රසීලය හා කැනඩාව යනාදී රටවල් සමග ද එක්සත් ජනපදය මෙම ගිවිසුමට එළැඹ තිබේ. මෙම ගිවිසුම දස වසක් ඇවෑමෙන් 2017දී අලුත් කරන ලදී. එය තවත් පුළුල් කරමින් සංශෝධනය කරන්නට එක්සත් ජනපදය යෝජනා කර තිබේ. එමගින් එම ගිවිසුම අලුත් කිරීමට අවශ්‍ය නැත. එහෙත්, කිසියම් පාර්ශ්වයකට දින 180කට පෙර දැනුම් දී ගිවිසුමෙන් ඉල්ලා අස් විය හැකි ය.

දෙවැන්න, සේනා තත්ත්ව ගිවිසුම (Status of Forces Agreement – SOFA) නම් වේ.
එමගින් ACSA ගිවිසුමේ පරාසය ආරක්ෂක සහයෝගිතාව වැඩිදුරටත් පුළුල් කිරීමට නියමිත ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද තවමත් එකඟතාවක් නැත.

පසුගිය දස වස තුළ ACSA ගිවිසුම ක්‍රියාත්මක වීම නිසා කිසිදු රට පාවාදීමක් සිදු වූයේ නැත. එහෙත්, එකී ගිවිසුම අත්සන් කළ පාර්ශ්වයේ ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය දැන් ඒ පිළිබඳ දැඩි විරෝධයක් දක්වන බව පෙනෙන්නට තිබේ. අලුත් ගිවිසුම මගින් එක්සත් ජනපද හමුදාවන්ට හා ඒවායේ සාමාජිකයන්ට ලැබෙන ශ්‍රී ලංකා නීතියෙන් මුක්තිය වැනි වරප්‍ර‍සාද දැඩි මතභේදයට හේතු වී තිබේ.