IMF

ආර්ථික ස්ථායීකරණය මගින් ආර්ථිකය බේරා ගන්නා ලදි. දැන්, පුළුල් පරිවර්තනයක් හරහා එය වර්ධනය කළ යුතුව තිබේ. ණය ශ්‍රේණිගත කිරීම් ද දැන් ඉහළ ගොස් ඇත. මේ මොහොතේ ශ්‍රී ලංකාව කළ යුත්තේ, එම ස්ථායීතාව, ආයෝජන, අපනයන, රැකියා සහ ආර්ථික ස්වාධීනත්වය බවට පරිවර්තනය කිරීමයි.Continue Reading

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරියකු සහ කැමරා ශිල්පියකු අතර ඇති වූ ගැටුම හුදෙක් වීදි කෝලහාලයක් හෝ සාමාන්‍ය ප්‍රවෘත්තියකට වඩා ගැඹුරු සමාජ-දේශපාලනික මාන ගණනාවක් නියෝජනය කරන්නකි. මෙය මාධ්‍යවේදයේ සීමාවන්, ප්‍රභූ ආරක්ෂාව, සමූහ මනෝවිද්‍යාව (Mob Psychology) සහ ශ්‍රී ලාංකේය සමාජයේ නෛතික කුහකත්වය පිළිබඳව පුළුල් කතිකාවක් නිර්මාණය කර ඇත. පහතින් දැක්වෙන්නේ මෙම සංකීර්ණ සිදුවීම ඔස්සේ විවරණය කළ හැකි විද්වත් කියවීමකි.Continue Reading

රටකට අනාගතය කරා ගමන් කළ හැක්කේ අතීත වැරදිවලට දඬුවම් කර හෝ සමාව දී හෝ නිවැරදි කරගෙන ඉදිරියට යාමෙනි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දිය යුත්තේ හුදෙක් දේශපාලනිකවම නොවේ. සමාජමය මානුෂිකත්වයකිනි.Continue Reading

මං හිතන්නෙ මේක මේ අලුත් පරම්පරාවල දැනටමත් මුල් බැසගෙන තියෙන අදහසක්. මේක මට අපේ ළමයින්ගෙනුත් දැනිලා තියෙනවා.

අපේ පරම්පරාවල මව්පියන් හිතුවේ, හැසිරුණේ ඒ අය අපව ලෝකයට ජනිත කිරීමෙන් කර තිබෙන්නේ මාර වැඩක්ය කියාය. ඒ නිසා අප ඔවුන්ට ණයයි කියාය. ඒ නිසා අපි අද මේ මොහොතේත් අපේ දැන් වයෝවෘද්ධ මව්පියන්ට උපස්ථාන කරන්නෙමු. (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)Continue Reading

1983 ජූලි මාසයේ ඇති වූ වාර්ගික සංහාරයේදී, දෙමළ ජනතාවගේ නිවාස හඳුනාගෙන පහර දීම සඳහා මැතිවරණ නාමලේඛන භාවිත කර ඇති බව මෑතකදී ප්‍රකාශ විය. නම, ලිපිනය මෙන්ම උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවා සොයා ගත හැකි ජාතික හැඳුනුම්පත් අංකය වැනි ‘පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු’ (Personally Identifiable Information, PII) විශාල ප්‍රමාණයක් මැතිවරණ නාමලේඛනවල අන්තර්ගත වේ. මෙම තොරතුරු රැස් කරන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණි (ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරන දහස් ගණන් රාජ්‍ය නිලධාරීහු මෙහි ප්‍රධාන පරිශීලකයෝ වෙති). එහෙත්, වෙනත් බොහෝ පිරිසකට ද මෙම නාමලේඛනවල පිටපත් ලබා ගැනීමට හැකියාව ඇත.Continue Reading

තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යාම, මැදපෙරදිග සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති තර්ජන සහ ඉහළ යන ආනයන බිල ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික තර්ජනයක් වෙමින් පවතී. මේ සඳහා ක්‍රියාත්මක වීමට පෙර, තවත් අර්බුදයක් එන තෙක් බලා සිටීමට අපට හැකියාවක් නොමැත.Continue Reading

ලෝකයේ වඩාත්ම බලවත් නැගී එන ආර්ථිකයන් නියෝජනය කරන නායකයෝ, 18 වැනි බ්‍රික්ස් (BRICS) සමුළුව වෙනුවෙන් පසුගිය සති අන්තයේදී නවදිල්ලියට රැස් වූහ. ඒ සමඟම නවදිල්ලියේ ‘භාරත් මණ්ඩපම්’ යළිත් වරක් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.Continue Reading

Song Copyrights

නිර්මාණකරුවාගේ ශ්‍රමය සහ ආර්ථික අයිතිය අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතුය. එහෙත්, භාෂාව, ඉතිහාසය සහ ජන මතකය කිසිදු තනි පුද්ගලයකුට අයිති කර ගැනීමට ඉඩ නොදී නිදහස්ව තබා ගැනීමෙන් පමණක් සැබෑ කලාත්මක නිදහස ආරක්ෂා කර ගත හැකිය. අප අද අසන ප්‍රශ්නය විය යුත්තේ “මෙම කෘතිය කාගේ ද?” යන්න පමණක් නොවේ; “මෙම කෘතිය සහ එහි සංස්කෘතික අගය අප අනාගත පරපුර කරා රැගෙන යන්නේ කෙසේ ද?” යන්නයි. නිර්මාණශීලීත්වය ආරක්ෂා කිරීමට නම්, අප සංස්කෘතිය නිදහස්ව තබා ගත යුතුය.Continue Reading

President Anura at May Day rally

මෙම බල තණ්හාවේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, තෝරාගෙන කරන නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුළුමනින්ම නීතියට අනුකූල නොවන විමර්ශන හරහා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමයි. අධිකරණ ක්‍රියාමාර්ග සහ පොලිස් බලය සිය දේශපාලන ව්‍යාපෘතියේ අතකොළු බවට පත් කරගනිමින් ඔවුහු ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් වෙත යොමු වෙමින් සිටිති. ඔවුන්ට ඒ හැර වෙනත් විකල්පයක් ද නැත. මන්ද, බොරු පොරොන්දු මත ගොඩනැගූ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සන්දර්භයක් තුළ, සාධාරණ හා විවෘත මැතිවරණවලින් නැවත ජය ගැනීම ඔවුන්ට පහසු නොවන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. දශක ගණනාවක් පුරා විප්ලවය ගැන කතා කළ ජවිපෙ අද වන විට පැරණි ක්‍රමයේම අතිශය විකෘති වූ සහ භයානක දිගුවක් බවට පත්ව ඇත්තේ එලෙසිනි.Continue Reading

court of justice

තරුණ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයකු වන අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ හැඟීම්බර අදහසක් පළ කළේ ය. නමුත් වහාම ඒ ගැන පසුතැවී ඔහු එය මකා දැමුවේ ය. එසේ තිබියදීත් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කර තිබේ. මෙය දේශසීමා ඉක්මවා යන අන්තවාදී හිරිහැර කිරීම්වල භයානක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම සිදුවීම බරපතළ වන්නේ නූතන අපරාධ නීතිය සහ සෞදි ෂරියා නීතිය අතර ඇති දැඩි වෙනස නිසා පමණක් නොවේ. මෙම තත්ත්වය හිතාමතාම සැලසුම් කළ අන්තවාදී ශ්‍රී ලාංකික කල්ලියකගේ ක්‍රියාකලාපය ද මීට බලපා ඇත. සිංහල හෝ දෙමළ බසින් සමාජ මාධ්‍යවල පළ වූ අදහස් හිතාමතාම පරිවර්තනය කර, සකස් කර, සෞදි ආගමික බලධාරීන්ට යැවීම හරහා මෙම කුමන්ත්‍රණකරුවන් තම සහෝදර රටවැසියකු අධිකරණය හරහා ඝාතනය කරවීම සඳහා විදේශීය දණ්ඩ නීති පද්ධතියක් ඉතා සූක්ෂම ලෙස යොදා ගෙන තිබේ.Continue Reading