මාළිගාවිල

Travel with Chandra
මාලිගාවිල බුදු පිළිමය අග්ගබෝධි රජු (ක්‍රි.ව. 667 – 683)විසින් නිර්මාණය කරන ලදැයි සැලකේ. අඩි 38 ක් පමණ උස (පද්මාසනය සමගින්අඩි 42 ක් පමණ උස) පිළිමය නෙලා ඇත්තේ ස්ඵටික හුණුගලින්. එය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රවෙන් නෙළා තිබෙනව. ලංකාවේ පැරණිතම බුද්ධ ප්‍රතිමා අතරින් විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ලෙසින් සැලකෙනවා. (විස්තර ඡායාරූපයෙන් පසු)

කැඩී බිඳී බිම පතිතව තිබූ ටොන් සියයක් පමණ බරින් යුතුයැයි සැලකෙන මෙම පිළිමය ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවත ඔසවා ප්‍රතිසංස්කරණය කර 1991 පටන් මහජනයා සඳහා විවෘත කරන ලදී.
මාළිගාවිල බුදු පිළිමය බලන්නට යා යුත්තේ කොළඹ – මොනරාගල පාරේ 154 සැතපුම් කණුව අසලින් කුඹුක්කන හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් අටක් ගිය විටයි.
මෙම ප්‍රතිමාව අභයගිරි සම්ප්‍රදායට අයත් යයි සැලකේ. ක්‍රි.පු 3 වන සියවසේ සිට ලක්දිව බුද්ධ ප්‍රතිමා නිර්මාණ සම්ප්රදායක් පැවති බවත්, මහා විහාර සම්ප්රදායේ ලක්ෂණ විද්‍යාමාන කරමින් අනුරාධපුර හෙවත් අභයගිරි නමින් අලුත් සම්ප්රදායක් පසුව බිහි වී විකාශය වු බවත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ පවසයි.
මාළිගාවිල බුදු පිළිමය කලින් තිබී ඇත්තේ විශාල පිළිමගෙයක් හෙවත් ගෙඩිගෙයක් තුළයි.




වජිර ලියනගේ කියලා මගේ මිත්‍රයෙක්ගේ මිත්‍රයෙක් හිටියා මහින්ද රණවීර කියලා. අවසාන කාලයේ ඔහු තලවාකලේ නිවසක හිටියේ. ඔහු සන් පත්‍රයේ වැඩකරපු කෙනෙක්. ලංකාවෙන් වියට්නාම් යුද්ධය වාර්තාකරන්න ගිය කෙනා කිව්වා. පොත් කිහිපයක් ලියා තියෙනවා. 2005 විතර කාලේ මිය ගියා.
දිනක් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කෝඩිනේටර් කෙනෙක් ඔහුට දුරකතන ඇමතුමක් දීලා දිනයක් වෙලාවක් කියලා මාලිගාවිලට එන්න කියලා කිව්වා. ඔහු ඉතා දුෂ්කර ගමනකින් පසු අදාල දිනයේ මාලිගාවිලට ගියා. පලාතේ දිසාපතිවරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් හැමෝම එතනට ඇවිත් හිටියා. කලේ මැදින් යාන්තන් යා හැකි ලෙස පාරක් සුද්ද කරලා තිබුණා. පොරොන්දු වූ වෙලාව පසුවී වුවත් අදුර වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී හෙලිකොප්ටරයෙන් ප්‍රේමදාස මහතා එතනට ආවා. කට්ටියම කැලේ මැදින් ගියේ මාලිගාවිල පිලිමයේ නටබුන් තිබුණු තැනට. පිළිමයේ කොටස් පාදාගෙන බැලු ජනාධිපතිවරයා මහින්ද රණවීර ඉන්නවාද ඇහුවා. ඔහු ඉදිරියට ආවාම ෆයිල් එකක තිබුණු පැරණි පුවත්පත් වාර්තාවක් අතට අරන් එහි තිබුණු මාලිගාවිල පිළිමයේ නටබුන් පෙන්වා, ඔයා එදා දකිනකොට තිබුණු සියලූ කොටස් මෙතන අඩුවක් නැතුව තියෙනවාද බලන්න කීවා. දසක ගානකට කලින් ලියපු ඒ ලිපිය දැකපු රණවීර මහත්තයා පුදුම වුනා. එයා කිව්වා ඔව් ඔක්කෝම තියෙනවා කියලා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ට දිනයක් කියලා කිව්ව, අවශ්‍ය පහසුකම් කියන්න, මට අහවල් දිනේ වෙන කොට පිළිමේ පිළිසකර වෙලා තියෙන්න ඕනේ කියලා.
නමුත් පිළිසකර කිරීමට කාලය ප්‍රමාණවත් නැති නිසත් වැඩේ බැරෑරුම් නිසාත් රාජ්‍ය නිලධාරීන්ට මේ ස`දහා ඉන්ජිනේරුවෙක් කැමතිකරගන්න බැරි වුනා. පස්සේ කුලියාපිටියේ මේසන් බාස් කෙනෙක් වැඩේ බාර අරන් කළා කියනවා.
කොහොම වුනත් පිළිමය පිළිසකර කරලා ඉවර වෙලා ප්‍රේමදාස ජනාධිපතිවරයා එතනට පැමිනිලා පිළිමය දිහා බලලා, බිම දිගා වෙලා වැන්දලා, මගේ ඔලූවේ තිබුණු මහා බරක් නිදහස් වුනා කිව්ව. සමහර විට එයා වුනු බාරයක් ඔප්පු දුන්නා වෙන්න පුලූවන්.
මේ තොරතුරු මහින්ද රණවීර මහතා බැලීමට තලවාකැලේ ගියපු අපට කියපු තොරතුරු ටික. අර මේසන් බාස්ගේ කතාව මම වෙනත් තැනකින් අහපු එකක්.
ප්‍රියන්ජිත්