ආහාර විෂවීමක් වුණොත් මොකද කරන්නෙ?

ඊශා කප්පරගේ (මෙඩිකල් නිව්ස් ටුඩේ ඇසුරිනි)
බඩේ අමාරුව, බඩේ අජීර්ණය, බඩඑළිය යාම වැනි වචනවලින් ඉස්සර ඉඳලම හැඳින්වුණ අසනීපය දැන් වෛද්‍ය විද්‍යාත්මකව ආහාර විෂවීමක් ලෙස සැලකෙනවා. සුළු ආහාර විෂවීම් නම් ඉබේ ම සුව වෙනවා. එහෙත්, දරුණු අන්දමින් වමනය, අධික බඩඑළිය යාම, අධික උණ, හිසරදය, මුත්‍රා අඩස්සිය, තොල කට අධික ලෙස වියළීම ආදිය තිබේ නම් වහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

ආහාර විෂවීමක් ඇති වන්නේ විෂ සහිත හෝ නිසි පමණට පිස නොගත් ආහාර කෑවාමයි.
Campylobacter, E. coli, norovirus, Salmonella, Vibrio. වැනි ක්ෂුද්‍ර ජීවීන් විසින් ද ආහාර විෂවීම ඇති කරනවා.
වමනය, පාචනය තිබියදී ශරීරයේ ජලය ඉවත් වීම හෙවත් විජලනය වළක්වා ගන්නට හොඳින් වතුර බීම අවශ්‍යයි. වමනය හා බඩඑළිය යාම නිසා ඛනිජ ලවණ ශරීරයෙන් ඉවත් වීම වළක්වා ගැනීමත් අවශ්‍යයි. ඒ සඳහා ජීවනී නිර්දේශ කරනවා. හැබැයි, කැෆේන් අඩංගු තේ, කෝපි නිසා ආමාශය හා බඩවැල්වලට හානි සිදු වන්නට පුළුවන්. ඒ නිසා පානය කළ යුත්තේ උදරයට අපහසුතාවක් ඇති නොකරන පාන වර්ගයි.
වමනය නතර වෙලා පුද්ගලයකු සාමාන්‍ය තත්වයට පත් වීම ආරම්භ වූ පසු ඒ පුද්ගලයා නැවත ආහාර ගත යුතුයි. ශරීර ශක්තිය ගොඩනගා ගන්නට එය අවශ්‍යයි.
ආහාර විෂවීමකින් පසු මුලින් ම ගන්නා ආහාර දිරවීමට පහසු ඒවා විය යුතුයි. බත්, කෙසෙල්ගෙඩි, කරකළ පාන්, ක්‍රැකර් විස්කෝතු, තැම්බූ අර්තාපල්, සම ඉවත් කර හොඳින් බදින ලද කුකුළු මස්, කැඳ, සුප් වැනි ආහාර සුදුසුයි. කැලරි සහ ප්‍රෝටීන් හිඟය නිසා මාංශ පේශිවලට හානි වීම වළක්වා ගන්නට මෙවැනි ආහාර ගැනීම අත්‍යවශ්‍යයි.
චීස්, යෝගට්, අයිස්ක්‍රීම් වැනි කිරි ආහාර, අධික තෙල් සහිත ආහාර, අධික කුළුබඩු යෙදූ ආහාර, ඇපල්, බෝංචි, ගෝවා, රතුළූනු, සුදුළූනු වැනි බඩ පුරවා දමන්නට ඉඩ දෙන කාබෝහයිඩ්‍රේට් පැසවීම සිදු කරන ආහාර, කොකා කෝලා වැනි පැණි බීම ආදිය ද මගහැරිය යුතුයි.
මෙවැනි ආහාර ගැනීමෙන් පැය 24 – 48 කාලයකට පසු පුද්ගලයකුට සාමාන්‍ය ආහාරවලට හැරෙන්නට පුළුවන්.
Related News
Editor Pick
search
Recent Posts
Recent Comments
- Sarath warnakulasuriya on සර්පයන් දිව දිගු කරන්නේ ඇයි?
- KemppiOY on 10th Government Medical Faculty of Sri Lanka opened in Kuruwita
- චන්දන on ගින්නෙන් උපන්නේ සීතල පමණක්මද?
- Rajendra S Wijesinghe on Why did they kill Richard de Zoysa?
- Sanjaya Srikanth on රිචඩ් ද සොයිසා මරා දැමුවේ ඇයි?