විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.

News Detail

ජනාධිපති ගැන සංවේදී වීමේ වගකීම

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත.

News Detail

අද දවස හුඹස් බිය හා එඩිතරකම අතර සටනකි

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත.

News Detail