predators of press freedom

දේශසීමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය විසින් පස් වසරකට වරක් පළකරනු ලබන මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන්ගේ (predators of press freedom) ඡායාරූපයේ සිටින, මාධ්‍ය නිදහසට වැඩිම තර්ජන එල්ල කරන ලොව රාජ්‍ය නායකයන් 37 අතරට එක්වීමට මේ වන විට රට බංකොලොත්භාවයේ මුවවිටට ඇද දමා සිටින වැඩකරන අපේ විරුවා නම් විරුදාවලි ලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2005 සිටම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විලෝපිතයකු ලෙස හැඳින්වේ.Continue Reading

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.Continue Reading

Imithiaz Bakir Markar

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. Continue Reading

Dharisha Bastians

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ. එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි: David Kaye – Special Rapporteur on theContinue Reading