Joseph Stalin

ජෝසප් ස්ටාලින් නම් ගුරු සංගම් නායකයාට කාලකණ්ණියෙකු යයි, අසාර්ථක පුද්ගලයකු යයි අවමන් කරන සාර්ථක පුද්ගලයා වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පැටිගිරිය එහෙමයි. සැබෑ කාලකණ්ණින් වන්නේ සමාජයට අවාසනාව උරුම කරදී, පව්කාර ලෙස, සැප සම්පතින් පිරි, තෘෂ්ණාභරිත, අතෘප්තිමත් ජීවිත ගතකරන මෙවැනි මිනිසුන් තමයි. මෙවැනි දේශපාලුවන් ගැන නොදන්නා කෙනෙකු නැහැ. ඒත්, ප්‍රශ්නය එය නොවෙයි. සමාජයක් ලෙස අප අනුගමනය කරන්නේ කාවද? එක් කෙළවරක කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනික, එහෙත්, සමෘද්ධිමත් පුද්ගලයන් සිටිනවා. අනෙක් කෙළවරේ තපස් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් රඹුක්වැල්ල වැනි අයගෙන් කාලකණ්ණින් යයි පද අසාගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා වැනි අය ඉන්නවා. එය දුෂ්කරයි. තෝරාගැනීම පෞද්ගලිකයි. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. ඒත්, කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනිකයකු නොවී සාධාරණව මුදල් උපයාගෙන සුවපහසු ජීවිතයක් ගතකරන්නටත් ඔබට උත්සාහ කරන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තෝරාගෙන පාරිභෝජනවාදයට යට නොවී සිටීමයි. Continue Reading

Joseph Stalin

අජිත් පැරකුම් ජයසිංහ 2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස් එක තිබුණෙ. ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චන්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙContinue Reading