herd immunity

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි. Continue Reading

herd immunity

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම සමාජයේ අප සියලු දෙනා ද වර්තමානයේදී කටයුතු කරන ආකාරය මේ අනුව බැලූ කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූල නොවේ. රටේ ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කරවත් නැත. එහෙත් රජය පාසල් ද ඇතුළු සියලු අවකාශයන් විවෘත කරමින් සිටින්නේ රෝගය පැතිරීම වේගවත් වෙමින් තිබියදීය. මේ අතර කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩුවෙමින් තිබේ. කෝවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ තත්ව විශ්ලේෂණ දත්ත පුවරුවෙහි පසුගිය මාසයක පමණ කාලය තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ පිළිබඳ විස්තර ද අඩංගු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයේ වගකීම් විරහිතභාවය හා සමාජය එයට අනුගත වීම, ප්‍රශ්න නොකිරීම හා චර්යාවන් වෙනස් කර නොගැනීම බරපතල ගැටලු සහගත තත්වයකි. Continue Reading