එන්නත වෙනුවට සමූහ ප්‍රතිශක්තිය

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි.

News Detail

ඇඳිරි නීතියෙන් තොර රටක් සඳහා ජනාධිපතිතුමාට අපේ සහාය

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ.

News Detail