විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.

News Detail

රෙදි නැති කළ විස්ස

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත.

News Detail

අද දවස හුඹස් බිය හා එඩිතරකම අතර සටනකි

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත.

News Detail

විමල් සහ ගම්මන්පිල පොරොන්දුව සහ තීන්දුව කුමක් ද?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අතර එක්ව වැඩ කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුම රාජපක්ෂ ආණ්ඩුව ඇතුළෙන් සිදු වන වැදගත් දේශපාලනික වර්ධනයක් ලෙස සැලකිය හැකි ය. විමල් හා ගම්මන්පිල

News Detail