Sri Lanka police

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading

Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න. Continue Reading