Hiroshima Park public toilet

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.Continue Reading

Public toilets in Sri Lanka

ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි. මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.Continue Reading