Lawyer assaulted in Sri Lanka

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. Continue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය. සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින්Continue Reading