burnt buses

2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය.

මේ සියලූ බස් රථ ඕනෑම ආකාරයක පෞද්ගලික ගමන් සදහා කූලී පදනම මත ලබා දෙන බවත් එය ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටසක් බවත්ඔහු පැවසීය. මේ ආකාරයෙන් අජීවී වස්තූන්ට හානි සිදු කිරීම කිසිසේත්ම ඵල රහිත ක්‍රියාවක් බව පෙන්වා දුන් ඔහු සම්බන්ධව යුරෝපා සගමයටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි යොමුකොට ඇති බවත් එම සියලූ පැමිණිලි පිටපත් පොලිස්පතිවරයාට ලබා දී ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරය නිසා එම විනාශයට ලක් වූ බස් රථ හිමියන් අන්ත අසරණ තත්වයට ඇද වැටී ඇති බව ද, එම බස් රථ රක්ෂණය කොට ඇත්තේ බස් රථය මිලදී ගන්නා අවස්ථාවේ පැවති මිල ගණන් වන ලක්ෂ 38-40 මුදලට බවත් අද වනවිට බස් රථයක් මිලියන 10 ආසන්න වන නිසා පුර්ණ රක්ෂණය ලැබුණත් ඔවුන්ට අලූත් බස්රථ මිලදී ගැනීම දුෂ්කර බව ද පෙන්වාදුන්නේය. එම ප්‍රහාරවලදී හුදු රැකියාවල නියුතු වූවන් වන බස් රථ රියදුරන් හා සහායකයන්ට ප්‍රහාර එල්ල වී තිබූ බවත්, ජීවිත හානි සිදුවී නොතිබුණත් දරුණු ලෙස වධහිංසනයට ලක්වූ තරුණ බස් රථ සහයකයන් සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. එප්පාවල ප්‍රදේශය එවැනි බස් රථ සහායකවරයෙකුගේ පාදයේ අස්ථී කුඩු වන ආකාරයේ බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබූ බව ද ඔහු පැවසීය.

සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධව ඔනෑ තරම් වීඩීයෝ සාක්ෂි ඇති හෙයින් ඒ හරහා පොලිසියට වරදකරුවන් කොටු කර ගැනීමට හැකි වුව හොත් ඔවුන්ට විරුද්ධව සිවිල් නඩු මාර්ගයෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

1 thought on “2022දිත් නැවතත් බස් 50ක් විතර කම්බස් කළා නම්, අපි පසුගිය අවුරුදු 32 තුළ ඉගෙනගත් පාඩම් මොනවාද?

  1. රනිල් වික්‍රමසිංහ අගමැති සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ 2015 – 2019 කාලයේ මෙරට ජනතාව අන්ත දරිද්‍රතාවයට හෙළා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දත්තවලින් හෙළිකර ඇත.

    2021 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ මහ බැංකු වාර්ෂික වාර්තාවේ මීට අදාළ දත්ත ඇතුලත් කර තිබේ. එහි 130 වෙනි පිටුවේ සඳහන් කර තිබෙන්නේ “2019 වසරේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව දළ වශයෙන් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකුගෙන් 1 අයෙකු දරිද්‍රතාවයට අදාළ බහුවිධ මානයන්ට අනුව දුප්පත්වන අතර දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොට්ඨාසය බර තැබූ එම බහුමාන දර්ශකවලට අනුව සාමාන්‍යයෙන් 42%ක් පමණ විහිනතාවයක් අත්දකින බව අනාවරණය වේ.“ යනුවෙන් සඳහන් ය.

    එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ 2002 වසරේ දරිද්‍රතා රේඛාවට පහලින් සිටි පුද්ගලයින් සංඛ්‍යාව 4.4 ගුණයකින් වැඩි වී ඇති බව ය. 2019 සමීක්ෂණය අනුව ග්‍රාමීය අංශයේ දරිද්‍රතාවය 16.6%ක් ද, වතු අංශයේ 51.3%ක් ද වශයෙන් ඉතා ඉහල මට්ටමක පැවතී ඇත.

    මෙම දත්ත අනුව හෙළිවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ එම පාලන සමයේදී දරිද්‍රතාවය 4.4 ගුණයකින් ඉහල ගොස් ඇති බව ය. වර්තමාන ආර්ථික කඩා වැටීම හමුවේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂය සහ නව ලිබරල් ධනවාදය අනුගමනය කරන කිසිවෙකුටත් පිළිතුරු සැපයිය නොහැකි බව මේ අනුව පැහැදිලි වේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: