Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

17,18,19 සංශෝධන තුනටම අත ඉස්සූ මන්ත්‍රීවරුන් 26ක් පාර්ලිමේන්තුවේ

අජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න)

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය.
ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයයි.

Translations by Creative Content Consultants

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2010 සැප්තැම්බර් 8දා ය. එමගින් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ වාර ගණන සම්බන්ධයෙන් කලින් තිබූ දෙවරක් පමණයි සීමාව ඉවත් කරන ලදී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන ලදී. ඇතැම් පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කොට විධායක ජනාධිපති බලතල දැඩිව ශක්තිමත් කරන ලදී.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2015 අප්‍රේල් 25දා ය. එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව දෙවතාවකට සීමා කරන ලදී. ජනාධිපතිගේ ධූර කාලය කලින් අවුරුදු හයේ සිට අවුරුදු පහකට අඩු කෙරිණි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිිළිගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රමාණය සීමා කිරීම (ජාතික ආණ්ඩුවක් නොවේ නම්) ආදී කරුණු මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

එකිනෙකට පරස්පර වූ මෙකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුනටම අනුමැතිය ලබා දුන් මන්ත්‍රීවරුන් 26ක් වර්තමාන පාර්ලිමේන්තුවේ තවමත් සිටිති.

එකිනෙකට පරස්පර වූ 17, 18, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුනටම අනුමැතිය ලබා දුන් මන්ත්‍රීවරුන් 26ක් වර්තමාන පාර්ලිමේන්තුවේ තවමත් සිටිති.

පහත දැක්වෙන්නේ එම මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයයි.

  1. අනුර ප්‍රියදර්ශන යාපා
  2. මහින්ද යාපා අබේවර්ධන
  3. ඩලස් අලහප්පෙරුම
  4. මහින්දානන්ද අලුත්ගමගේ
  5. නිමල් සිරිපාල ද සිල්වා
  6. ඩග්ලස් දේවානන්දා
  7. දුමින්ද දිසානායක
  8. එස්.බී. දිසානායක
  9. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  10. බන්දුල ගුණවර්ධන
  11. දිනේෂ් ගුණවර්ධන
  12. රාවුෆ් හකීම්
  13. ප්‍රියංකර ජයරත්න
  14. ගාමිණී ලොකුගේ
  15. ඩිලාන් පෙරේරා
  16. සුසිල් ප්‍රේමජයන්ත
  17. චමල් රාජපක්ෂ
  18. කෙහෙළිය රඹුක්වැල්ල
  19. මහින්ද සමරසිංහ
  20. රාජිත සේනාරත්න
  21. ජෝන් සෙනෙවිරත්න
  22. රංජිත් සියඹලාපිටිය
  23. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  24. පවිත්‍රාදේවි වන්නිආරච්චි
  25. කුමාර වෙල්ගම
  26. ජී.එල්. පීරිස්
  27. මෛත්‍රීපාල සිරිසේන (19වන සංශෝධනය ගෙනෙන සමයේ ජනාධිපතිවරයා ය)
  28. මහින්ද රාජපක්ෂ (18වන සංශෝධනය ගෙනෙන සමයේ ජනාධිපති. 19වන සංශෝධනයට ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එහෙත්, ඔහුගේ කණ්ඩායම එයට පක්ෂව ඡන්දය දුන්නේ ය.)

20වන සංශෝධනය නැවතත් 19වන සංශෝධනයට පරස්පර ය. එමගින් නැවත වතාවක්
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් අහෝසි කර පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කොට විධායක ජනාධිපති බලතල නැවතත් පෙරටත් වඩා දැඩිව ශක්තිමත් කරනු ලැබේ. කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාවේ ද සීමාවක් නැත.

මේ පිරිස 20වන සංශෝධනයට ද අත ඉස්සීමට ඉඩ තිබේ. එසේ නොකරනු ඇතැයි යම් දුරකට හෝ සිතිය හැක්කේ දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් තිදෙනෙකු පමණි. එනම්, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම හා රාවුෆ් හකීම් පමණි.

රාවුෆ් හකීම්ට වාසියක් වෙතොත් ඔහු ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමට ඉඩ ඇති බව ඔහුගේ මෑත ප්‍රකාශවලින් ඇඟවේ. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී හකීම් විපක්ෂ මන්ත්‍රීවරයකු වූ අතර ඔහු විවාදයේදී එම පනත් කෙටුම්පතට පක්ෂව කතා කළේ විපක්ෂයේ කාලය භාවිතා කරමිනි. ඉන් අනතුරුව, ඔහු පනතට පක්ෂව ඡන්දය දුන් අතර සති කීපයකින් ඔහුට ඒ සඳහා ප්‍රතිලාභ ලෙස කැබිනට් ඇමති ධුරයක් ලැබිණි.

කියවන්න: 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම්

Translations