සමාජවාදය යනු රාජ්‍ය අයිතියද?

සී.ජේ. අමරතුංග
සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය.
කෙසේ වෙතත්, පොදු දේපළ ක්‍රමය ඇති කිරීමට රජය භාවිතා කළ හැකි බව කාල් මාක්ස් විශ්වාස කළ අතර එකල ප්‍රධාන සමාජවාදී ගුරු කුලයක් එයට විරුද්ධ වී ය. රජයට විරුද්ධව පෙනී සිටි එම පිරිස හඳුන්වන ලද්දේ අරාජිකවදීන් වශයෙනි.
ඔවුන්ගේ එක් විවේචනයක් මෙසේ ය.
“ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත
“ඔවුන් [මාක්ස්වාදීන්] පවසන්නේ ඒකාධිපතිත්වයකට (ඇත්ත වශයෙන් ඔවුන්ගේ ඒකාධිපතිත්වයට) ජනතාව කැමති දේ නිර්මාණය කළ හැකි බව යි. මෙයට අපගේ පිළිතුර වන්නේ, කිසිම ආඥාදායකත්වයකට ස්වයං-ස්ථාවර වීම හැර වෙනත් අරමුණක් තිබිය නොහැකි බවයි. එයට කළ හැකි වන්නේ එය ඉවසා සිටින මිනිසුන් වහල්භාවයට පත් කිරීම පමණකි. නිදහස නිර්මාණය කළ හැක්කේ නිදහසෙන් ම පමණකි. එනම් ජනතාවගේ පැත්තෙන් සහ පහළ සිට ඉහළට ගොඩ නැගෙන වැඩකරන ජනතාවයේ නිදහස් සංවිධානය හරහා කෙරෙන විශ්වීය කැරැල්ලකින් ය.”
මිහායිල් බකුනින් – රාජ්‍යවාදය සහ අරාජිකවාදය
අප තේරුම් ගෙන ඇත්තේ සමාජවාදය නැති නිදහස වරප්‍රසාදයක් හා අයුක්තියක් බව සහ නිදහස නැති සමාජවාදය වහල්භාවය සහ කෘරත්වය බව යි.
මිහයිල් බකුනින් – ෆෙඩරල්වාදය, සමාජවාදය, දේවධර්ම විරෝධය, 1867
සෝවියට් ක්‍රමයේ සිදු වුයේ මෙය නොවේ යැයි කිව හැකි ද ? ප්‍රශ්නය වන්නේ එය සමාජවාදය ලෙස ලොවට හඳුන්වා දීමයි.
මෙම අදහස ඉදිරිපත් කළේ එවකට සිටි ප්‍රකට සමාජවාදී නායකයකු වූ මිහයිල් බකුනින් විසිනි. ඔහු සහ කාල් මාක්ස් අතර තිබූ සම්බන්ධය ගැන ද , තේරුම් ගැනීම වැදගත් ය. මතවාදී ලෙස ගැටුන ද, දෙදෙනා අතර එකිනෙකාට ගෞරවයක් වූ බව කියති. බකුනින් ගැන මාක්ස් කීවේ “රුසියාවේ සමාජවාදීන්ට සංයමයෙන් යුතු නායකයකු ලැබී ඇති” බව යි. ආර්ථික විද්‍යාව ගැන මාක්ස්ගේ දැනුම බකුනින් ඉහළින් අගය කළේය. මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය ප්‍රථම වරට රුසියන් බසට නගන ලද්දේ බකුනින් විසිනි.
වර්තමානයේ ප්‍රධාන සමාජවාදී චින්තකයකු වන මහාචාර්ය නෝම් චොම්ස්කි කියන්නේ සෝවියට් ක්‍රමය සමාජවාදය ලෙස තහවුරු වුයේ සීතල යුද සමයේ ලොව ප්‍රධාන ප්‍රචාරක යාන්ත්‍රණ දෙක ම එනම් බටහිර ප්‍රචාරක යාන්ත්‍රණය සහ සෝවියට් යාන්ත්‍රණය යන දෙක ම, එකිනෙකට වෙනස් අරමුණු වෙනුවෙන් මෙය සමාජවාදය ලෙස හඳුන්වා දීම හේතුවෙනි. බටහිර එසේ කළේ අවාසනාවන්ත ඒකාධිපති පාලනයක් සමාජවාදය ලෙස හඳුන්වා එයට අවමන් කිරීමට වන අතර සෝවියට් දේශය එසේ කළේ සැබෑ සමාජවාදය පිළිබඳ ලෝක ජනතාවගේ තිබුණු සදාචාරාත්මක ඉල්ලීමෙන් වාසි ලබාගැනීමටයි.
“සමාජවාදය පිළිබඳ අවම මූලික හැඟීම මගින් අදහස් කරනුයේ, වැඩකරන ජනතාවට නිෂ්පාදනයේ පාලනය හිමිවීම සහ ප්‍රජාවන්ට තම ජීවිත ගැන පාලනයක් තිබීම ආදී කාරණායි. එහෙත්, සෝවියට් දේශයේ ජනතාවට නිෂ්පාදනයේ කිසිදු පාලනයක් තිබුණේ නැහැ. ඔවුන් සැබැවින්ම වහලුන්. සෝවියට් දේශයේ කඩාවැටීම සමාජවාදයට යම් ජයග්‍රහණයක්. එය හඳුනාගත යුත්තේ සමාජවාදයට තිබුණු බාධකයක් ඉවත් වීම ලෙසයි.”
– නෝම් චොම්ස්කි, Chomsky’s Philosophy යූටියුබ් නාලිකාව
මෙයින් පෙනී යන්නේ සෝවියට් ක්‍රමය, එනම් සියලු නිෂ්පාදන සහ බෙදාහැරීම් රජය මගින් සිදුකිරීම සමාජවාදයක් නොවන බවයි. එමෙන් ම, පොදු දේපල අයිතිය යන්න හැරුණු විට, වෙනත් පිළිගත් ප්‍රක්ෂේපනයක් ද දැනට නැත. ඇත්තේ එවැන්නක් තුළ තිබිය යුතු වටිනාකම් සහ සාරධර්ම පිළිබඳ පිළිගැනීමකි.
කෙසේ වෙතත්, ධනවාදයෙන් ජනතාවට ලැබෙන නිදහසට සහ තමන්ගේ අවශ්‍යතා ලබා ගැනීමට මෙන් ම, තම ජීවිත තමන් කැමති පරිදි ගත කරන්නට වඩා වැඩි නිදහසක් සැබෑ සමාජවාදයක් තුළ තිබිය යුතුය.
අද අපේ තරුණයින් ඇතැම් විට ජීවිත පවා පරදුවට තබා යන්න හදන්නේ කුමන රටවලටද ? ඔවුන් චීනයට, වියට්නාමයට, කියුබාවට හෝ උතුරු කොරියාවට යන්නේද? ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, කැනඩාවට , යුරෝපයට නැතහොත් ඇමෙරිකාවට යන්නේද ? මේ සියලු ඊනියා සාමජවාදයන් ඇත්තේ සංවර්ධිත ධනවාදයට පිටුපසින් බවට තවත් සාධක අවශ්‍යද ?
අප යා යුතු වන්නේ ධනවාදය අභිබවා ඉදිරියට මිස පසුපසට නොවේ.
රාජ්‍ය අයිතිය සමාජවාදයක් ලෙස සැලකීම මිථ්‍යාවක් වන්නේ ඒ නිසා ය.

ලන්දේසීන් මේ රටේ බලකොටුවක් හදනවා නම් ලංකාද්වීපයේ රජු වන මමත් රජ බිසව ෙදා්න කතිරිනාත් ගල් අදින්නට වුණත් සූදානම් යැයි විමලධර්මසූරිය රජු මෙහි පැමිණි ප්‍රථම ඕලන්ද දූතයා වූ ස්පිල්බර්ජන්ට පැවැසීය. කෝට්ටේ රජකම් කළ ෙදාන් ජුවන් ධර්මපාල රජු ක්‍රි.ව. 1541දී ලංකාව පෘතුගාලයේ ෙදාන් ජෝන් රජුට තෑගි ඔප්පුවකින් ලියා දුන්නේය.
උඩරට රදලයෝ කන්ද උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලා කුදලාගෙන යන්නට රොබට් බ්‍රවුන්ඩ්‍රිග් ආණ්ඩුකාරයාගේ හමුදාවට භාර දුන්නේය. අපරදිග ජාතීන්ට කොන්ද නැවීම සිංහලයාගේ ජාන ලක්ෂණයක්දැයි සැක සිතෙන තරමට අපේ ඉතිහාසය කිලිටි කර තිබේ.
මේ දිනවල අප සිටින්නේ වල්මත් වී හසරක් නොදැකය. ජීවිතය ඉදිරියට ගෙනයන කිසිදු සැලැස්මක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතුව නැත. රට බංකොලොත්ය. රටේ මිනිස්සුද බංකොලොත්ය. මුළු රටම එදා වේල ටුවර්ස් පාලනයකට නතුව තිබේ. දහසක් බුදුන් බුදු වන පාන්දර සිට රෑ නින්දට යන තෙක්ම ඇසෙන්නේ පාලකයන් නඟන නැතිවාදමය.
නිකම්ම ගෙදරට නාකි වෙන එකේ ඉලන්දාරියෙක් ඇවිත් අහලා ගියත් මදිදැයි ගම්බද කතාවක් තිබිණි. මේ දිනවල සිදු වන්නේ එවැනිම සංසිද්ධියකි. නොයෙකුත් රට රාජ්‍යවල සුද්‍ෙදා් ඇවිත් අපේ රටේ නායකයන් සමඟ කතාබස් කරන අන්දම රාත්‍රියට රූපවාහිනිවල පෙන්වති. හතේ හත වැදී සිටින ජනතාව එයින් මෝඩ ආතල් එකක් ගන්නා බව දන්නා මාධ්‍ය රාජ්‍ය නායකයන් විදෙස් අමුත්තන් හමුවීම ඕනෑවටත් වඩා උස්සා දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකය වටේ මළ ගෙවල්වල යන්නේ කැටේ කඩා මාරු කාසි ටික සාක්කුවේ දාගෙනය. තුන්වැනි චාල්ස් රජුගේ සිට ජපානයේ නකුහිතෝ අධිරාජයා දක්වා ගත වූ සති දෙකේ ජනාධිපති වික්‍රමසිංහ හමු නොවූ රාජ්‍ය නායකයෙක් නැත. කොරිඩෝවක රාජ්‍ය නායකයෙක් ජනාධිපතිවරයා පසුකර ගියත් ඔහුගේ මාධ්‍ය අංශය වාර්තා කරන්නේ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූ බවය.
ට් – 7 කණ්ඩායමේ සමුළුව අවසන් වරට පැවැත්වූයේ 2022 ජුනි 26 වැනිදා ජර්මනියේදීය. එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේ දහසක් රාජ්‍ය නායකයන් අතර සිටි ට් – 7 කණ්ඩායමේ නායකයන් අර්බුදයෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකාවට උදවු කරන බවට ජනාධිපතිවරයා හමුවී ප්‍රතිඥා දුන් බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි තුට්ටු දෙකේ විහිළු සම්පාදනය කිරීමටත් ආණ්ඩුව වියදම් කරන්නේ මහජන මුදල්ය.
මේ සතියේ පිලිපීනයේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු සැසිවාරයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිවීම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට පෑදුණු පොටක් හැටියටද ජනතාවට පෙන්වති. මෙවැනි ආටක නාටක මිස රටත් ජනතාවත් වැටී ඇති අගාධයෙන් ගොඩ එන්නට කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් මේ දක්වා ආණ්ඩුව ඉදිරිපත් කර නැත.
එවැනි විද්‍යාත්මක වැඩසටහනකට රටම යොමු කළ හැකි සර්වපාක්ෂික එකමුතුවක් ගොඩනැඟීමට තිබූ අවස්ථාවද ආණ්ඩුව හිතාමතාම ලෙස්සා හැරියේය.
අනුප්‍රාප්තික ජනාධිපති ගහන හැම තුරුම්පුවක් යටම කුමක් හෝ නූල් සූත්තරයක් ඇති බව රටේ මිනිස්සු තේරුම් ගනිමින් සිටිති. ඒ නිසා ජනතාව අන්දන තක්කඩි සෙල්ලම වහා නතර කළ යුතුය.