Colombo Port

කොළඹ වරායෙහි සිදුවෙමින් තිබෙන වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට දෙන ඉතා වැදගත් සංඥාවකි. එනම්, පසුගිය ආණ්ඩුවේ වැඩසටහන් සංශෝධන සහිතව හෝ රහිතව කරගෙන යාමට කිසිදු අයිතියක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට නැති බවයි.

Translations by Creative Content Consultants

මෙම වර්ජනයට නායකත්වය දෙන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට උර දුන් වෘත්තීය සමිති වන අතර, ඒ සමග ආණ්ඩුවේ නැති භික්ෂූන් ප්‍රමුඛ ජාතික බලවේගය සිටගනිමින් සිටියි.

රාජපක්ෂවරුන් කරන්නට බැරි ජාතිවාදී මගුල් ගැන සිහින මවා බලය ගත්තා නම්, දැන් ඉතින් ඒ දුක විඳිය යුතු ය. කුම්බලා මාළු කෑ බළලුන් විඳිනවා ය කියන්නේ ද මේ දුකම ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම පමණක් නොව මේ තියෙන හැටියෙන් පවත්වා ගැනීම ද පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා මැනැවින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. කුමන අඩුපාඩු තිබුණ ද පසුගිය රජය මෙම ගමන සීරුවෙන් ගියේ ය. එහෙත්, ජාතික දේපල වෙළඳපොලකරණය සම්බන්ධ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප වී ඇති බව අප පිළිගත යුතු ය.

ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය දිනාගෙන ඉන් පසු කලින් ආණ්ඩුවේ මාර්ගය තුළ තිබුණු එම්සීසී ප්‍රදාන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන්, චීන ණය ආදිය ලබාගනිමින් පහසුවෙන් ඉදිරියට යන්නට බැරි වනු ඇති බව වරායේ විරෝධතාව විසින් ආණ්ඩුවේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වා දෙමින් තිබේ.

වරායේ වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ මැතිවරණයට පෙර කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙසයි. එය නොදී මගහරින්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ ඇයි? එතැන බරපතල සැකයක් තිබෙන බව ඉතා පැහැදිලි ය.

පෞද්ගලීකරණය නොකරන බව සහතික නම්, එය ලිඛිතව දෙන්නට බැරි ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හරිනම් දැනට චීනයට ලබා දී තිබෙන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය පමණක් නොව, චීනයට බදු දුන් හම්බන්තොට වරාය පවා ආපසු ලබාගත යුතු ය. එසේ කරන බව ද ඔවුන් කියා තිබේ.

එහෙව් වීරයන්ට ජැටියක් පෞද්ගලීකරණය නොකරන බවට ලියුමක් දෙන්නට බැරි ඇයි?

Translations

1 thought on “වරාය පෞද්ගලීකරණය නොකරන බව ලිඛිතව දෙන්න බැරි මොකද?

  1. Yamak likhithawa anu saakshi sahithawa , yamek yamekuta diya hekke awanka viswasanieya kriyaadaamayakadie pamani .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: