ලුණු සූත්‍රය = දිනකට ලුණු ග්‍රෑම් පහයි

බතට දාන රසකාරක කැටයක් ගැන මේ දවස්වල රූපවාහිනියේ දැන්වීම් යනවා. බත් කියන්නේ නිකම් කන්නට බැරි ආහාරයක්. ඒ නිසා බත් කන්නේ අඩු තරමේ පොල් සම්බෝලයක් හරි එක්ක. එහෙම නැතිනම්, තියෙන හැටියට ව්‍යංජන ගණනක් එක්ක. එතකොට තමයි බත් රසවෙන්නෙ. සමහරු බත රස කරන්නට ලුණු දානවා. අලුතෙන් ඇවිත් තිබෙන රසකාරක කැටයේ වැඩිපුර තිබෙන්නෙත් ලුණු තමයි. ලුණු අධික ලෙස ගැනීම ශරීරයට ඉතා අහිතකර බව ඔබ දන්නවාද?
ලෝකයේ වැඩිහිටියන්ගේ ලුණු පරිභෝජනය දිනකට ග්‍රෑම් පහක් දක්වා අඩු කිරීමට ලෝක සෞඛ්‍යසංවිධානය ඉලක්ක කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%ක් බත් උයනවිට ලුණු එකතු කරන බව ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පුද්ගලයකුට අවශ්‍ය වන්නේ දිනකට ලුණු ග්‍රෑම් පහක් පමණයි. බතට ලුණු එකතු කළ විට, ඉතා පහසුවෙන් මේ ප්‍රමාණය ලැබෙනවා. අප ආහාරයට ගන්නා අනෙකුත් දේවල තිබෙන ලුණු නිසා අප ඕනෑවට වඩා ලුණු පරිභෝජනය කරනවා.
බත් උයන විට ලුණු එකතු කරන්න එපා. ලුණුත් එක්ක බත් කන්නට පුරුදු වුණාම අපට ලුණු නැතුව බත් රස නැති වෙනවා. ඒ වගේම, ලුණු නිසා එළවළු ආදිය නැතුව වුණත් බත් කන්නට අප පුරුදු වෙනවා.
බතට ලුණු දැමීම අපේ ශරීරයට ලුණු එකතුවන ප්‍රධාන අමතර විදියක්. අපට එය පහසුවෙන් වළක්වාගත හැකියි.
බොහෝ ශ්‍රී ලාංකිකයන් නිර්දේශිත ප්‍රමාණය මෙන් දෙගුණයක් ලුණු පරිභෝජනය කරනවා. ඕනෑවට වඩා ලුණු කෑමෙන් හදවත් රෝග, අධි රුධිර පීඩනය හා ආඝාතය ඇතිවිය හැකියි. ශ්‍රී ලංකාවේ මරණවලින් 4%කට හේතුව හදවත් රෝග, අධි රුධිර පීඩනය සහ ආඝාතය බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙනවා. එයට ප්‍රධාන හේතුව ලුණු විය හැකියි.
මේසයේදී ඔබේ ආහාරයට ලුණු එකතු කරගැනීමෙන් වළකින්න. කොත්තමල්ලි කොළ, මිංචි හෝ සුදුළූනු වැනි ශාකමය ආහාර භාවිතා කරන්න. පලතුරු හා එළවළු වැඩි වැඩියෙන් ආහාරයට එක්කරගන්න
ලුණු අඩංගු ක්ෂණික ආහාර ද අවම කරන්න. බොහෝ සෝස් වර්ගවල අධික ලෙස ලුණු අඩංගු වෙනවා. එයත් අපේ ශරීරයට ලුණු එකතුවන ප්‍රධාන අමතර විදියක්.
මේ ලිපියත් කියවන්න: සබන් යොදා දෑත් සේදීම මේ තරම් වැදගත් ඇයි?
Laankieya gruhiniyo puruddhak lesa , kana lunu mena mena noyodhathi .
Namuth Sodium chloride hie anuka skandhaya ihala agayak ( 23 + 35 .5 ) bevin 5 g lunu yanu sochcham pramaanayaki .
Ebevin gruhiniya visin hadana keamehi , nirdesitha pramaanayata wadaa behevin wedi viyaheki nisaa lunu sanscrithiya wenas kiriemata serasiya yuthu wenawaaya .