ලංකාව පෙනෙන තෙක් මානයක ආලෝක ධාරාවක් දැකිය නොහැකි අඳුරු බිම්ගෙයක

පළමු කොරෝනා රැල්ලේ සිට අනුගමනය කරන ලද ප්‍රායෝගික නොවන, අත්තනෝමතික ක්‍රියාමාර්ග දැන් දැන් අවසානයක් දකිමින් තිබේ. කොවිඩ්-19 රජයේ පාලනයෙන් ගිලිහෙමින් තිබෙන තරමට මිනිසුන් පරිස්සම් වෙන්නට පටන්ගෙන තිබේ.
මේ දිනවල ලාංකිකයන් රජයේ නිරෝධායන ඇඳිරි නීතියට අනුව කටයුතු කරන ආකාරය කොවිඩ්-19 කාර්ය සාධන බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ද ප්‍රශංසාවට ලක්වී තිබේ.
මේ අතර නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින ජනතාවට ලබාදුන් රු. 10,000ක බඩු මල්ල ද අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් සීමා කර තිබේ. කොවිඩ්-19 වයිරසය ආදායම් සීමා ගැන තකන්නේ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිවෙස්වල නිරෝධායනය වන මිනිසුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගැනීමේ නිල විකල්ප මාර්ගයක් ද නැත. අඩු ආදායම්ලාභීන් යයි රජය සලකන ජනතාවට අමතරව තවත් විශාල පිරිසකට මේ වෙන විට කොවිඩ්-19 හා ඒ සම්බන්ධ ඇඳිරි නීති ආදිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වී තිබේ.
කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ගැනීම දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී තිබේ. එහෙත්, ආර්ථික ලාභ ප්‍රයෝජන නම් තවමත් අවසන් නැතුවා විය හැකිය. ජනාධිපති ගෝඨාභයගේ චක්ගෝලයකු වන දිලිත් ජයවීර සභාපතිත්වය දරන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවලින් අධික ලාභ ලබන බවට චෝදනා එල්ල වේ. දිලිත් ජයවීර වැනි අය කරන්නේ කාගේ ව්‍යාපාරද?
කෙසේ වෙතත්, මේ වන විට, රටම වසංගතයෙන් හා ආර්ථික අර්බුදයෙන් වෙළීගොස් තිබේ. පීඩාවිඳින මහජනතාවට පිහිටවීමේ හැකියාවක් හෝ උවමනාවක් ආණ්ඩුවට හෝ රජයට හෝ ඇතැයි සිතිය නොහැකිය. රජයේ සේවකයන්ගේ පඩි ගෙවීම හැර අන් කිසිවක් රජයෙන් බලාපොරොත්තු විය නොහැකි තත්වයක් දැන් උදාවී තිබේ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම ද ෂුවර් නැත.
ඉදිරියේදී රජය තව තවත් ඔබගේ සාක්කු පතුල සූරාගැනීමට ක්‍රම සොයනු ඇත. ඔබ අත ඉතුරුම් තිබේ නම් පරිස්සම් වන්න. ඊපීඑෆ්, ඊටීඑෆ් වැනි අරමුදල් පරිස්සම් කරගැනීම පහසු නැත. සමෘද්ධි අරමුදලට දැනටමත් කෙළලාය. රටේ ඉතිරි ඕවිටි කෑලි ටිකත් විකුණනු ඇත. ලංකාව තවත් චීන කොලනියක් වනු ඇත.
මෙම පසුබිම තුළ රජයක් නොමැති බව පෙනෙන අරාජික සංදර්භයකට පිවිසෙන්නට සූදානම් වන්න. ලාංකිකයන් සිටින්නේ පෙනෙන තෙක් මානයක ආලෝක ධාරාවක් දැකිය නොහැකි අඳුරු බිම්ගෙයකය.
මහජනතාව තිරසාර විසඳුම් සෙවීම සඳහා දැන්වත් උනන්දු විය යුතුය.
Janathaawa arbudhakaarie lesa duken peleddhie , kata puka wahadena sitina agameththek samaga sitina cabinttuwakin athi wede kumakda !
Paalakayaa da mukya arthayenma asamath bawa , ohu kirin karawa genmata den athwaaru mandala seviemen pasak wea .
Janayaa swayan nirodaayanaya arambune , owun rekmata aanduwak thibena bawa nodenuna nisai .
Kawru kawruth kawadaa ho merena namuth , maranaya kal daa ganna bohodenaa aasaaya .
Dena ho nodena , wasangatheakadie gath kramaweada bahuboothawoo bevin aandawa
ablicqe wee atha .
Rewnama nosoda amude gehuwata ganda yanne netha .
මේවෙලාවේ ජනතාව බේරා ගැනීමට නායකයෙක් නැතිවීම ඇත්තටම කරැමයකි.ඉදරිපෙල නායකයින් යැයි කියා ගන්නෝ නිකංම සියල්ල ඔඩොක්කුවට වැෙටනතුරැ බලාගෙන ඉදී.