Rohitha Rajapaksa wedding

අජිත් පැරකුම් ජයසිංහ

රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම.

රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්). එතනම රටේ ජනගහනයෙන් 10%ක්. ඒ අය හැම කෙනෙකුගෙන්ම තව දෙදෙනෙකුවත් යැපෙනවාය කියන පදනමින් තමයි 30% ගණනය කළේ. රජයෙන් වැටුප් ලබන මේ පිරිස අතරින් අති බහුතරයක් තමන්ගෙ වැටුපට හෝ සරිලන සේවය කරන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉහළ හා මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳිනවා. තීරු බදු රහිත වාහන, විදේශ ශිෂ්‍යත්ව, පුහුණුව ආදී බොහෝ දේ ඇතුළත් වෙනවා. මේවා දේශපාලකයන් සීමිත කාලයක් භුක්ති විඳින වරප්‍රසාද වගේ නෙමෙයි. මැරෙනකල් භුක්ති විඳින ඒවාත් තියෙනවා.

රජයෙන් යැපුණ මේ පිරිස හරියට වැඩ කළා නම්, ලංකාව මෙහෙම නෙමෙයි තියෙන්න ඕනැ. හැබැයි, ඒ හැමෝම රාජපක්ෂ පවුලට බැන බැන තවමත් නිකම්ම තමයි ඉන්නෙ. වැඩ කරන එක මරනවා වගේ. පොඩ්ඩක් බලන්නකො රජයේ සේවකයන් මෙතනම ලියන දේවල තියෙන ආකල්ප. ඒකට ගැලපෙන දේශපාලනය තමයි ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ.

2 thoughts on “රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව

  1. Mang hithanne , passala netuwata Basilla netuwata Ranila natawanna medaa beriwel wage .
    Poottuwo hota bima anagena iwarai .
    He is a politically kunin Fox !

  2. ගෝඨාට විරුද්ධව අද මහා අරගළයක් කල අතරම, නීත්‍යානුකූළව පත්වුනු රනිල්ගේ ආණ්ඩුවත් ගෙදර යවන්න ඕන කියන බහුතරයත් ගෝඨාට රෙදි නැතුව කඩේ ගිය අය තමයි. කාඩිනල්නුත් ඒකෙ කෙනෙක්!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: