පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

පොහොට්ටු පාර්ලිමේන්තුවක් වුව ඒකාධිපති පාලනයක් තරම් නරක නැත

අජිත් පැරකුම් ජයසිංහ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය පවත්වන දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් හතක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලදී.

Translations by Creative Content Consultants

මේ අනුව, රජයේ නිවාඩු දිනවල නාමයෝජනා භාර ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම, එය ජුනි 20දා ද නොපැවැත්වීම හා මාස තුනක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු වීම ආදිය සම්බන්ධයෙන් පැවති විවාද පිළිබඳ තීන්දුවක් ලැබී තිබේ.

එපමණක් නොව, කොවිඩ්-19 වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව අසමත් වුවහොත්, පාර්ලිමේන්තුවක් නොමැතිව කෙතරම් කාලයක් වුව රට පාලනය කිරීමට ද විධායක ජනාධිපතිවරයාට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, මේ මොහොත වන විට ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමේ අදහසක නැත. එහෙයින්, දැන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණය පැවැත්වීම සඳහා නව දිනයක් නියම කරනු ඇත. බොහෝ විට එය ජුලි මාසයේ සිදු වීමට ඉඩ තිබේ.

දැනට පවතින තත්වය අනුව නම්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 ව්‍යාප්තිය මනා ලෙස පාලනය කරගෙන තිබේ. ලබන සතිය වන විට ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ම ඉවත් කර, රට බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ වන විට රට තුළට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ ආසන්නයේ හෝටල්වල රඳවා තබාගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. ගුවන් තොටුපළ ආසන්නයේ ම පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථාන ද පිහිටුවන්නේ නම්, ඔවුන් රඳවා තබාගන්නා කාලය සීමා කරන්නට පුළුවන. දැනට සෑම ගුවන් මගියකු ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලබන මුත්, සංචාරක කර්මාන්තය ඉලක්ක කරමින් මෙම නීති ද ඉදිරියේදී ලිහිල් කරන්නට ඉඩ තිබේ.

රජයේ කාර්යාල හා කෑම කඩ හැර අනෙකුත් බොහෝ වැඩ කරන ස්ථාන මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

පාසල් හා ටියුෂන් කඩ තවත් මාස කීපයක් ඇරියේ නැතැයි කියා මේ රටේ අනාගත පරපුරට හානියක් වන්නේ නැත.

ඉතින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට බැරි ඇයි?

ඉදිරි මැතිවරණය ආණ්ඩුව ජයගනු ඇත. ඇත්තට ම එයට බාධා කළ යුත්තේ ද නැත. රට තුළ අවුල් ජාලයක් නිර්මාණය කර බලය ලබාගත්තා නම්, දැන් කොහොමත් ඔවුන් රටේ ඉරණම භාරගෙන ඔවුන් විසින් ජනතාව ඉදිරියේ මවා පෙන්වන ලද සිහින සැබෑ කිරීමට උත්සාහ කළ යුතු ය. පොහොට්ටුවට වැඩි බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් වුව ඒකාධිපති පාලනයක් තරම් නරක නැත.

ඉදිරි වසර පහ තුළ දේශපාලනිකව වැදගත් වන්නේ ශක්තිමත් විපක්ෂයකි.

මැතිවරණය පවත්වන්නට එපා යයි හඬගෑමෙන් විපක්ෂය පෙන්වූයේ සිය දේශපාලනික අඳබාලකමයි. සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණ පැවැත්වීම ආණ්ඩුවේ වගකීමකි. විපක්ෂය කළ යුතුව තිබුණේ ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම මිස මැතිවරණ වැළැක්වීමට උත්සාහ කිරීම නොවේ. සෞඛ්‍යාරක්ෂාවට මුවා වී ආණ්ඩුව දිගින් දිගට ම මැතිවරණ කල්තැබීමට ක්‍රියා කළහොත්, දැන් ඉතින් විපක්ෂය මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කරන්නේ රෙදි ඇඳගෙන ද?

Translations