Cartoon by Ajith Perakum Jayasinghe

පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික:

1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ.

2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ

3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ.

4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ.

5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ.

(ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ)

6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ.

7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ.

8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න.

9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජනාධිපති කරන්න තරම්වත් වෙනසක් කරගන්න බැහැ.

10. ඒ නිසා බොරුවට ශක්තිය අපතේ යවන්න එපා. හැකි ඉක්මනින් ඡන්දයක් තියන්න සහාය දෙන්න.

මේක පිළිගන්නෙ නැතිනම් කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා සජබ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.