flags of Sri Lanka's Provinces

නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතට පත්වුණා. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතට පත්වුණා. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවලට ද 2019 වසර තුළදී එම ඉරණමම අත්වුණා.

කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කරන්නට මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගත්තා. මෙහිදී පළාත් සභා මැතිවරණය කල් දමාගැනීම වැඩිපුර ම අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂ බලවේගයේ තර්ජනය හමුවේ පළාත් පාලන මැතිවරණය පරාජය වනු ඇතැයි බියෙන් සිටි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ දේශපාලනඥයන්ටයි. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍ර‍මවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළා.

ඊට පෙර, සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනකදී පැවැත්වීම සහ පළාත් සභා ඡන්දය කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම අරමුණු කරගෙන 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථක වුණේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතර කැමැත්ත මෙන් ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නිසායි.

සියලු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීම වියදම් ඉතිරි කරන පියවරක් වුව ද, එය බලය බෙදාගැනීමේ මූලික සංකල්පයට හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පටහැණියි. එසේ වුවහොත්, කිසියම් හේතුවක් මත පළාත් සභාව කල් තබා විසුරුවා හැරියත්, අනෙකුත් පළාත් සභා බලපැවැත්වෙන තාක් කල් එකී පළාත් සභාවට මැතිවරණ පැවැත්විය නොහැකියි. එවැනි අවස්ථාවකදී පළාත් සභාව ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත් වෙනවා. 

කොට්ඨාස ක්‍රමයත් ඇතුළත් මිශ්‍ර‍ ක්‍ර‍මයකට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නම්, අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණයක් කළ යුතු වුණා. ඒ වෙනුවෙන් කොමිෂමක් පත් කර, සීමා නිර්ණය කිරීමක් සිදු කළා. එහෙත්, පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පක්ෂත්, මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් විපක්ෂයේ පක්ෂත් එක්ව එම සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව පරාජය කළා. සීමා නිර්ණ කොමිෂන් සභාව පත් කළ, ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ඇමතිවරයා පවා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාවට විරුද්ධව ඡන්දය දීම උත්ප්‍රාසජනකයි.

දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එම සීමා නිර්ණය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවා දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා

ආණ්ඩුව පළාත් සභා ඡන්දය පවත්වන්නට යන්නේ ඒ අනුවයි. එහෙත්, ආණ්ඩුව ඇතුළේම පිරිසක් එයට විරුද්ධයි. ඒ ගැන ඊළඟ ලිපියෙන් කතාකරමු.

1 thought on “පළාත් සභා මැතිවරණය සම්බන්ධ ව්‍යවස්ථා ගැටලුව

  1. Annduwa Corona 19 hamuwe kujietha wemin sitina mea mohothe , jana kemeththa koi ayurakin ho vimasiema samagama thulinma yam pramanayak akemethi wenne gedara weda pehera hariya lamo paasal yanna melikamak dakwana ayurini !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: