නීතිය සැමට සමාන වන දවසක් වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුද?

රටේ නීති කඩන තරමට හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් මේ රටේ නැහැ. රටේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අයත් දූෂිතයි. ඒ නිසා ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන්නෙ හොරා පොලිස් සෙල්ලමක්.
නීතිය ක්‍රියාත්මක කළත්, යුක්තිය ඉටුවීම ඉතා අඩුයි. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබන්නෙ 5%ක් පමණ පිරිසක් පමණයි. 95%ක් දඬුවම් ලබන්නෙ නැහැ.
හැම මට්ටමකදීම අති විශාල පිරිසක් නීතියෙන් පළායනවා. ඒක ධනවතුන්ට හා බලවතුන්ට විතරක් සීමා වෙන්නෙ නැහැ. පහුගිය දිනවල අපරාධ කරපු හැම මට්ටමකම අය අතරින් කීදෙනෙකුටද නීතිය ක්‍රියාත්මක වෙන්නෙ? මැයි 8 ගෝල්ෆේස් හා අරලියගහ මන්දිරය අසල විරෝධතාවලට පහරදුන් අය අතරින් සුුළු පිරිසකට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වුණේ. ඒ වගේම තමයි පළිගැනීමේ ප්‍රහාරවලට විවිධ මට්ටමින් සම්බන්ධ වුණ අතිවිශාල පිරිසක් අතරින් ඉතා සුළු පිරිසකට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වුණේ. වැඩිය ඕනැ නැහැ, ෆේස්බුක් එකේ එක එක්කෙනාගෙ ගෙවල් මතක් කරමින් ගිනිතියන්නය කියපු අය කීදෙනෙකු හිටියාද බලන්න. නීතිය ක්‍රියාත්මක වුණාද?
නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන එක එක පාරට වෙන්නෙ නැහැ. ඒක ඇතිකරන්නට නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනැ. හැමෝටම සමානව ක්‍රියාත්මක නොවන නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට එපාය කියන තර්කය බොළඳයි. ඒ වගේම නීතිය එක කොටසකට විතරක් ක්‍රියාත්මක වෙනවා, අනෙක් කොටසට නැහැය කියන එකත් බොරුවක්.
ධනයෙන්, බලයෙන් අඩු අයත් ධනවත්, බලවත් අය වගේම නීතියෙන් ගැලවෙනවා. ධනයෙන් බලයෙන් අඩු අය කරන වැරදි වැඩිහරියක් විමර්ශනය කරන්නෙ නැහැ. වැරදිකරුවන් හඳුනාගන්නෙවත් නැහැ. වැරදි කරලා කිසි ගානක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
ධනවත්, බලවත් අයට නීතියෙන් ගැලවෙන්න ඒ තරම්ම ලේසි නැහැ. එයට හේතුව මාධ්‍ය හා සමාජ අවධානය. ඔවුන් නීතියෙන් ගැලවෙන්නෙ ධනය හා බලය පාවිච්චි කරලා. හැබැයි, ඒකත් හොරරහසේ කරන්න අමාරුයි. ධනය හා බලය නැති, සමාජ අවධානය අඩු අය වැරදි කළත් හඳුනාගන්නවා අඩුයි.
මං පෙන්වදෙන්න උත්සාහ කරන්නෙ නීතිය ක්‍රියාත්මක නොවීම එක සමාජ මට්ටමකට සීමාවෙනවාය කියන එක ජනප්‍රිය අදහසක් වුණාට ඇත්තක් නොවේය කියන එකයි.

Dekala thiyenawada kawadaawath , makulu delaka adu tharamin sootikkek bendila thiyenawa .
Boho ratawalath niethiya ae wage thamai !
Podi saththu nam emata !
ඉතාමත් සංවිධානාත්මකව තෝරාගත් පිරිසකට එරෙහිව නීතිය විහිලු සහගත ලෙස හා තර්ජනාත්මකව ක්‍රියාත්මක කිරීමත් සාමාන්‍යයක් ලෙස නීතිය ක්‍රියාත්මක වීම හා නොවීමත් අතර වෙනසක් පවතී. මේ වෙනස අවබෝධකරගැනීම හා එය වලක්වාගැනීමට ක්‍රියාත්මකවීම ද ප්රජාතන්ත්රවාදය හා නීතියේ සුජාතභාවය තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය බව මගේ හැඟීමය.