අජිත් පැරකුම් ජයසිංහ

මගේ නමේ ලියනගේ කියල කෑල්ලක් තියෙනවා. මං ජීවත් වෙන්නෙ ලියලා. ලියනවා කිව්වට පෑන්වලින් නම් කරන්නෙ අස්සන් කරන එක විතරමයි. පසුගිය කාලෙම පෑනකින් වචන දාහක්වත් ලියල නැතුව ඇති. සමහරුන් තමන්ගෙ නම ලියනකොට රස්සාව මුලට යොදන අවස්ථා මං දැකලා තියෙනවා.

කොහොම වෙතත්, කරන රස්සාව නමට යොදන එක සිංහල වාසගම් ක්‍රමයේ පැරණි ලක්ෂණයක්. කුල කතා අමතක කරලා බැලුවොත් ඒක හරි ලස්සන දෙයක්. හේනයලාගේ, ආචාරිගේ, සිත්තර ආචාරිගේ, බඩහැලගේ, විදානෙලාගේ, ආරච්චිගේ, තුප්පහිගේ වැනි වාසගම් ගොඩක් ඔය වගෙයි.

Arunodakaruwo Novel

දැන් රස්සාවලුත් නමට යෙදෙනවා නම්, මේ වගේ නම් තියෙයි.

මැවිසුරුගේ රසික හරිශ්චන්ද්‍ර

ලක්ශාන් දොස්තරගේ

පෙරකදෝරු මුදලිගේ උපුල් කුමාර

පත්තර ආරච්චිලාගේ සුන්දර නිහතමාන

රියදුරුගේ සුනිල්

නිර්මාල් පණ්ඩිතරත්න

ජෝසප් ස්ටාලින් ගුරුසිංහ

චින්තන ප්‍රචාරණසිංහ

සුජිත් සිත්තරනායක

පෙදරේරුගේ ප්‍රදීප්

රාජා බක්කරේ

වෑල්ඩිං මුදියන්සෙලාගේ සුමුදු

අතුල ගණකාධිකාරි

විදුහල්පතිලාගේ උපමාලි

නිලානි කෝප්‍රල්

උත්සව සංවිධායකලාගේ නාමලී

සුනන්ද ඩොලර්

ජලනළගේ ඉනෝකා

විදේශ තන්ත්‍රිගේ අසෝක

චම්පික නිරෝෂ පරිපාලනායක

චන්දානන්ද දේශප්‍රිය

උපාලි නඩුකාරසිංහ

අජිත් ද බෑන්කර්

ප්‍රියාන් වතු අධිකාරි

ලොලිටා බාබර්

මහින්ද රාජමන්ත්‍රී

පොලිස් අධිකාරිගේ සාමලතා

චමින්ද පරිගණකසිංහ

ඉන්ද්‍රනාථ සේයාවර්ණ

සියලු නම් ගම් මන:කල්පිතයි. හරිද?

කවරයේ රූපය සිස්ටම් එකෙන් කපන නිසා මෙන්න සම්පූර්ණ රූපය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *