ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ

මහින්ද පතිරණ, ලංකාදීප පුවත්පතෙන් උපුටාගන්නා ලදි
“අරගල වසන්තය” විසින් බල කරන ලද්දේ ලංකාව වහා විදේශ ණය ගෙවීම් නවතා ඉන් ඉතිරි වන මුදල්වලින් ඉන්ධන ගෑස් ගෙන්වා මදිපාඩුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද ලබාගෙන ප්‍රශ්නය විසඳිය යුතු බවය. මූල්‍ය අරමුදලට යෑම රෝස මල් මාවතක් ලෙස එහි දී පරිකල්පනය විය.
ණය පැහැර හැරීම හෙවත් වෙනත් වචනවලින් කිවහොත් බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම රටක කොතරම් බරපතළ කාරණක් ද යන්න වග එවක උගතුන් පවා පෙන්වා දුන්නේ නැත. එවන් පසුබිමක එම බොළඳ මතය ප්‍රමුඛ සමාජ මතය බවට පත්විය.
ඒ අනුව, 2022 අප්‍රේල් 12 වැනි දින ලංකාව විදේශ ණය ගෙවීම් නවතාලීමේ බරපතළ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන අතර, ඉන්පසු සිදුවන්නේ අප නිරායාසයෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ග්‍රහණයට නතුවීමයි. මන්ද ණය පැහැර හැරි රටකට අන් කිසිදු රටක් ණය නොදෙන අතර, ණය දියහැකි එකම ආයතනය අයි එම් එෆ් ආයතනය පමණි. දැන් එය සිදුවී හමාරව ඇති අතර කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද මේ තත්ත්වයට අන් විසඳුමක් නැති බව අප යථාර්ථවාදීව තේරුම ගැනීම අත්‍යාවශ්‍ය ය.
බදු වැඩිකිරීම්, විදුලි බිල් වැඩිකිරීම් ආදිය කිරීමට සිදුව ඇත්තේ අපට ඉදිරියේ දී දෙනු ලබන ණයට කොන්දේසි වශයෙනි. කටුක නමුත් මේ ප්‍රායෝගික ඇත්තට අප මුහුණ දිය යුතු අතර, මැතිවරණ පවත්වා කුමන පක්ෂය ජයගත්ත ද, වේදිකාවලින් කුමක් ඇසුණ ද මේ සත්‍ය හැර අන් එකක් නැත.
පුරවැසියා පවා රටේ මූල්‍ය අපහසුතා හා අරපිරිමැස්ම ගැන කතා කරන විට එම ජනතාව විසින්ම අසීරුවෙන් ගෙවන බදු මුදල් කෝටි ගණන් ප්‍රාදේශීය මැතිවරණයකට දියකර හැරිය යුතු ද? එසේ දියකරන මුදල් නැවතත් ජනතාවගෙන්ම අයකරගත යුතු නොවේ ද? මේ දුෂ්කර අවස්ථාවේ එය කොතරම් සාධාරණ ද?
පවත්වන්නට යෙදී ඇත්තේ ජාතික වශයෙන් කොළඹ ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවේ. ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණයකි. එමගින් සිදු කරන්නේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබාදීමයි. ඉන් ආණ්ඩු වෙනසක් සිදුවන්නේ නැත. එවන් මැතිවරණයක් හරහා කිසියම් පක්ෂයකට ජනතා බලය කුමන තරමින් තිබේ ද යන්න යම් තරමකින් පැහැදිලි කරගත හැකි බව කරුණකි.
එසේ කළ පමණින් ද රටට හා ජනතාවට ලැබෙන සහනය කුමක්ද? යට සඳහන් කළ පරිදි කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද අපට ඉදිරි තෙවසර තුළ ගමන් කිරීමට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මාර්ගයේ ය. ආණ්ඩුව කරන දේශපාලන පක්ෂය කුමක් වුව ද ඊට අනුගත විය යුතු ය.
නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්‍රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැත. ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන්නේ නම්, වසර පහකට රට පත්කරගත් ජනාධිපතිවරයකු, වසර 75ක සිට පැමිණි බව කියන ආර්ථික කළමනාකරණයක වැරදි මත පන්නා දැමූයේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුවද?
ඊයා පැරා 🤢🤮 සට්ටැඹියන්ගෙ ලිපිත් පළකරනවද? එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලොද?
දුප්පතුන්ට ජන සවිය, සමෘද්ධි ආදී නම් දමමින් සහනාධාර දෙන්නේ ඔවුන් ඉන් මුදාගැනීමේ අරමුණකින් බව පැවැසුණද එදාමෙදා තුර සිදුවී ඇත්තේ සහනාධාරලාභීන් වසරින් වසර වැඩිවීම පමණි. ඉන් කියැවෙන්නේ මෙරට ඇති නැති පරතරය දිනෙන් දිනම වැඩි වන බවය. ආදායම් බෙදීයෑමේ විෂමතාව අඩුවී නැති බවය. එහෙත් හැත්තෑ පස් වසරක් පුරා පාලකයන් කළේ දුගී දුප්පත් ජනතාව නඟාසිටුවන බව කීමය. නැති බැරි සමාජයක් නොව ඇති හැකි සමාජයක් හදන බව කීමය.
හාල් සේරුවක් නොමිලේ දුන්නේය. කූපන් පොත් දුන්නේය. හඳෙන් හාල් ගෙනත් දෙන බව කීය. ඇට අටක් දෙන බව කීවේය. ජන සවිය දුන්නේය. සමෘද්ධි දුන්නේය. සුබ අනාගතයක් හදන බව කීය. අවසානයේ ඉතුරු වී ඇත්තේ බංකොලොත් රටකි. කාලකණ්ණි සමාජයකි. මවුපියන් සිය දරුවන් මරා දමන කාලයකි. ධර්මිෂ්ඨ සමාජයේ සිට ආසියාවේ ආශ්චර්ය තෙක් ආ මෑතකාලීන ගමන නෙලුම් කුලුන උඩට නැඟ තව්තිසාව නැරඹීමෙන් තාවකාලික අවසානයකට පැමිණ ඇත. තවදුරටත් මේ ගමන යා නොහැකිය. අලුත් මාවතක අලුත් ගමනක් ඇරඹීමට අපි නොසිතන්නේ නම් කිසිවකට කම්පා වී පලක් නැත. කිසිවකුට ෙදාස් කීම පල රහිතය. එනිසා අපි අපිටම ටොකු ඇන ගමු.