Gotabaya Rajapaksa

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත් ඓතිහාසික තීන්දුවකට මග හෙළි කරමින් තිබේ.

(Praja.lk Ads)
Translations by Creative Content Consultants

ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා යොමු කරන ලද අයදුම්පතක්, ඒ සමග ඔහු විසින් ඉදිරිපත් කරන ලද තමන් සිටි රටේ පොලිස් මූලස්ථානයෙන් ලබාගත් නිෂ්කාශන සහතිකයක්, අදාළ ගාස්තු ගෙවන ලද බිල්පතක් ආදී කිසිවක් සොයාගත නොහැකි ය.

ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිරිනමන ලද දිනය වන විට ඔහුගේ වැඩිමහල් සොයුරා ජනාධිපති ලෙස දිවුරුම් දී දින තුනකි. ඒ වන විට අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර නැත. එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස මෙවැනි, ජනාධිපතිවරයාට ඍජුව අදාළ නොවන, ඕනෑම කාර්යයක් කිරීමේ හැකියාව ලබා දෙන සියලු අමාත්‍යවරුන්ගේ හා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ බලතල පැවරේ නම්, ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම ද නීත්‍යානුකූල ය. මේ වන විට අභියාචනාධිකරණයේ තර්ක කෙරෙමින් තිබෙන්නේ එම කාරණයයි. මේ සම්බන්ධයෙන් දෙන තීන්දුව රාජ්‍ය නායක බලතල සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු දැක්වීමක් වනු ඇත.

ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී හා එය පිරිනැමීමේදී මහින්ද රාජපක්ෂ අයියා සහ ගෝඨාභය රාජපක්ෂ මල්ලී බලය අපහරණය කර තිබෙන බව පෙනේ. එහෙත්, සාක්ෂි සොයාගත නොහැකි වීම හා කල් ගතවීම නිසා දැන් එය විමර්ශනය කිරීමට බැරි හෙයින් අභියාචනාධිකරණයේ පරීක්ෂාවට එය ලක් වී නැත.

ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ඉතා අවිධිමත් වන බව පෙනෙන මුත්, බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය තහවුරු කරගැනීම සඳහා නීත්‍යානුකූලව, විධිමත් අන්දමින් කටයුතු කර තිබේ.

ඒවා මෙන් ම, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය මෙහෙයවීම වැනි කාරණා කිසිවක් නඩු තීන්දුවට අදාළ වන්නේ නැත.

මෙම නඩුව 2019 ඔක්තෝබර් 2 සහ 3 දිනවල විභාග වූ අතර 4 දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1 thought on “ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි

  1. Thienduwa kumak wunath , eya anaagatha raajya yanthranayata balapaana sanweadie ekak viya yuthu nisaado kal gatha karanne . RAJU da NIETHIYA de MAA wemi yai sithaa ganna raajya thanthrikayata paadamak viemata garu adhikaranaya sanwedie wethwa !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: