ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

අජිත් පැරකුම් ජයසිංහ
ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික ශාන්ත විජේසූරිය පැවසීය.
එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර මහජන අරගලය වැනි අරගලවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි.
මෙම අරගලය පක්ෂ දේශපාලනයෙන් තොර යයි කීම ඇත්තක් නොවේ. එය යම්දුරකට පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයෙන් දුරස්ථය. එයින් බැහැරකර තිබෙන්නේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය වැනි කණ්ඩායම්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවෘතවම මෙහි සංවිධාන භූමිකාවක සිටියි. එය හොඳ දෙයකි. මෙවැනි මහජන නැගිටීමකට කොඳු නාරටියක් අවශ්‍යය.
තමන්ට එම නැගිටීම පාලනය කළ නොහැකි බව හා එසේ කිරීමේ හැකියාවක් ද නැති බව එතැනදී හමුවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් පැවසීය. ඔවුන්ට කළ හැක්කේ එයට ශක්තියක් වීම පමණක් බව ඔවුන් තේරුම්ගෙන ඇති බවක් පෙනේ.
අරගලයේ ප්‍රධාන ශක්තිය එහි කූඩාරම් තුළ වාඩිලාගෙන සිටින ක්‍රියාකාරිකයන්ය. අරගලයට සහභාගී වන පිරිස්වලට ආහාරපාන සැපයීමට පෝලිමේ සිට මිලදීගත් ගෑස් සිලින්ඩර, ලිප්, හැළිවලං ආදිය රැගෙන එන්නෝය. මාළුපාන්, බිස්කට්, කිරිතේ, තේ, කෝපි බෙදන්නෝය.
අරගලයේ ජීවගුණය පවත්වාගැනීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කරන මෙහෙයවීම වැදගත් වේ.
මෙතැනට මිනිසුන් එන්නේ ඔවුන්ගේ සටන් පාඨ ඔවුන්ගේ අතින් ඔවුන්ම ඇඳගෙන, ඔවුන්ගේ මෙගාෆෝන් ආදිය රැගෙන, ඔවුන්ගේ නිර්මාණශීලී ක්‍රියා සමගයි. ඒවා විවිධය. අතිශය දේශපාලනික පැහැදිලි කිරීම් විරල වුවත්, අරගල ක්‍රියාකාරකම් සටන් පාඨවල සිට සංගීතය, නර්තනය, චිත්‍ර කලාව ආදිය හරහා තිත්ත කුණුහරුප දක්වාම විහිදෙයි. කිසිවෙකු ඒවා පාලනය කිරීමට උත්සාහ කරන්නේ නැත.
එහි කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැත. විනෝදය ඇත. යම් නාස්තියක් ද ඇති බව බොරුවක් නොවේ. ඇතැම් ඉහළ මධ්‍යම පන්තිකයන් සුඛෝපභෝගී වාහනවල වහලේ විවර ඇරගෙන එහි කොඩි ලෙළවමින් එහි වීදි සරණ විට මේ වාහන හිමියන් රටේ අද තිබෙන ප්‍රශ්නයට වගකිවයුතු අය නොවේදැයි මට සිතිණි. එසේම, අධිවේගී යතුරුපැදි ආදිය රේස් කරමින් එහි සංදර්ශන පවත්වන අයට ඇත්තෙන්ම ඉන්ධන ප්‍රශ්නයක් නැද්ද? එවැනි පිරිසකුත් එහි එති. ඔවුන්ට ආර්ථික ප්‍රශ්නයක් නැතත්, දේශපාලන ප්‍රශ්නයක් තිබේ. ඔවුන්ට මේ රට මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට අවශ්‍යය. ඒ සඳහා ඔවුහු #GotaGoHome2022 ප්‍රවර්ධනය කරති.
මෙම අරගල වැඩබිමෙහි විනෝදය තරමට දැනුම නැත. සරල නොගැඹුරු සටන්පාඨවලින් ඔබ්බට ගිය දැනුමක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙහෙයවන විවෘත වේදිකාවේ ද අසන්නට ලැබෙන්නේ නැත. එතැනට එන අය එතනින් ආපසු ගෙනයන්නේ සාමූහිකත්වයේ වින්දනය පමණි. එය නරක නැත. එහෙත්, ඔවුන්ට අවම හෝ දැනුමක් ලබාදෙන්නට ක්‍රමයක් සම්පාදනය කරන්නට බැරි ඇයි? අඩු තරමේ ලංකාව මුහුණදී තිබෙන අර්බුදය කුමක්දැයි මහජනයාට තේරුම් කරදෙන දත්ත ටිකක්වත් එතැන ප්‍රදර්ශනය කරන්නට බැරි ඇයි? මේ සම්බන්ධයෙන් කාගේ හෝ අවධානය යොමුවිය යුතුය.
මෙතෙක් කල් මහජනයා පුබුදුවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් කළ රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් සංවිධාන, පුද්ගලයන් ආදිය සැබැවින්ම මහජනයා නැගිටි පසු උකටලීව අවුරුදු නිවාඩුව සමරන්නේ ඇයි? අරගල වැඩබිම ඔබේ ද ප්‍රායෝගික වැඩබිම නොවේද? දැන් එතැනට එරෙහිව නගන අවලාද අතර කාන්තාවන්ට එරෙහි හිංසාකාරී අදහස්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ කාරණා ආදිය තිබේ. එහි තරුණ තරුණියන් අවට පරිසරය පිරිසිදුව තබාගන්නට වැඩකරමින් රටට දෙන පණිවුඩයට දායක වන්න. එහි බොහෝ දේ කළ හැකිය. එහි යන්න.
දැන් දැන් මෙය අවුරුදු රැල්ලක් බවට පත්වෙමින් තිබේ. ඉදිරි දින කීපයේ ක්‍රියාධරයන් මෙය අල්ලාගෙන සිටිනු ඇත. එසේම, මහජනයා එය ආරක්ෂා කරනු ඇත. අලුත් අවුරුද්දෙන් පසු හෝ මහජන ඉල්ලීමට ආණ්ඩුව කන් දෙන්නේ නැතිනම් මහා ජනරැල්ලක් එයින් පැනනගිනු ඇත.
Obe vigraya kadimai .
Namuth obea tharuna viyedie , maa niveradi nam obath daayaka woo ketellata wadaa meya sundara noweada ?
Obata bim mattame daayakathwaya tikai lebune .
Namuth mehi ( GOTAGOGAMA ) prajaawa wenathma kulakayaki ( bahutharsyak )
Ae gamata Sarwodaya , P & S aadiehu anugraya dakwanu penea . Narakak netha .
Mea kriyaawa digatama yannea nam Redcross da ennata uwamanaaya . Redcross haraha jaathyantharayata udawkala heka .
Hedena gaha peththen , depeththen dene .
Saru polokak nirmaanaya unoth , maha wuksayak nirnaanaya wanu etha .suhumbul peleya reka ganiema maha unge wedak .
Aragala bimehi vividha mosthare tharuna kandaayam sitithi .
Samaharun hi lite karanne ehi wesena naagarika ihala mdyama panthika suhumbulan pamani . ( owhu menma ehi wesena hemomada , laankikayanya )
Pasugiya dineka , aanduwata hitu kiyala kade yana siwrudhaariyek prasiddhiyema apahasa roopayen wahasibas dodaa , tharunanta yudha prakaasa kala seaka .
Hebei Nelum pokuna abiyasa nowa, Gotagogamata gihin face to face game illuwanam kochchara ramanieyada !