කළුතරින් පාර්ලිමේන්තු යා යුතු අය; මට හිතෙන හැටි

අජිත් පැරකුම් ජයසිංහ
පහත දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට සුදුසු යයි මා මගේ පෞද්ගලික තක්සේරුව අනුව සිතන විවිධ පක්ෂවලට අයත් පුද්ගලයන්ගේ නාම ලේඛනයකි. මෙහිදී, මා සැලකිල්ලට ගෙන තිබෙන්නේ, දේශපාලන ඉතිහාසය, ජාතික මට්ටමේ වැදගත්කම, ප්‍රාදේශීය ජනප්‍රියත්වය, ප්‍රචාරණ ව්‍යාපාරයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවාර්ගික විවිධත්වය යන සාධකයි. එසේම, දූෂිතභාවය කෙරෙහි කිසිදු අවධානයක් යොමු කර නැත. මෙම බොහෝ අපේක්ෂකයන් අඩු වැඩි වශයෙන් දූෂිත වන අතර ලංකාවේ ඡන්දදායකයා දූෂිතයන් ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක ඇති බවක් නොපෙනේ.
මෙම පිරිස පෙළගස්වා තිබෙන්නේ ජනප්‍රියත්වයේ අනුපිළිවෙලකට වඩා දේශපාලනික වැදගත්කමේ අනුපිළිවෙලකට බව කරුණාවෙන් සලකන්න.
මෙම තේරීම මගේ පෞද්ගලික තේරීමයි. මෙම ලැයිස්තුවේ සිටින ඇතැමුන්ට කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය ලබාගැනීමට තරම් ඡන්ද නැත. එහෙත්, පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් කළ යුත්තේ ඔවුන් ය. කෙසේ වෙතත්, මෙම ලැයිස්තුවේ සිටින අයට බැහැරින් වෙනත් අයෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වීමේ ඉඩ අවම යයි මම සිතමි.
කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන්නේ ආසන සංඛ්‍යාව 10කි. පසුගිය පාර්ලිමේන්තුවේ සිටි කළුතරින් පත් වූ මන්ත්‍රීවරුන් වන්නේ, කුමාර වෙල්ගම, විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත, රාජිත සේනාරත්න, අජිත් පී. පෙරේරා, පාලිත තෙවරප්පෙරුම, ලක්ෂ්මන් විජේමාන්න සහ නලින්ද ජයතිස්ස යන අයයි.
පොදු ජන පෙරමුණ (පොහොට්ටුව ලකුණ)
13 – විදුර වික්‍රමනායක
10 – මහින්ද බුද්ධදාස සමරසිංහ
4 – අනුප පියුම් පස්කුවල් (ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන යුතුකම සංවිධානයෙන් මැතිවරණයට තරග කරන එකම අපේක්ෂකයා ය)
8 – ඇස්. ඒ. ජයන්ත (ජයන්ත සමරවීර යනු විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක වරයා ය)
7 – ඇච්. ඇම්. පියල් නිශාන්ත ද සිල්වා
5 – අබේගුණවර්ධන රෝහිත පියතිස්ස පහළගේ (ඉතාම දූෂිත දේශපාලකයකු ලෙස නම් දරා සිටින මොහු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ය)
2 – අතුකෝරළ උදේනි (වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සිටියදී අල්ලස් ගනිද්දී බඩුත් එක්කම අහු වූ අයෙකි. තවම නඩු විභාග වේ. නීතිපති ඉල්ලා අස්කරගන්නට ඉඩ ඇති නඩුවකි. මහින්ද රාජපක්ෂට සහාය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ය. අප්පච්චිගේ කළුගංතොට පොඩි පුතා යයි කියනු ලැබේ.)
සමගි ජන බලවේගය (ටෙලිෆෝනය ලකුණ)
8 – ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (ජාතික හෙළ උරුමයේ මහ ලේකම් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී)
11 – රාජිත සේනාරත්න
6 – කීර්ති කාරියවසම් (ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න නායකත්වය දෙන එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයායි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි)
1 – අජිත් පත්මකාන්ත පෙරේරා
7 – කුමාර් වෙල්ගම
10 – මොහොමඩ් ජෙමීල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිකාර් (බේරුවල ආසනය 1989ට පෙර බහු ආසනයක් වූ අතර, එසේ වීමේ අරමුණ වූයේ මුස්ලිම් ජනයාට නියෝජනයක් ලබා දීමයි)
9 – ජගත් ප්‍රේමලාල් පින්නගොඩ විතාන (ව්‍යාපාරිකයකු වන ඔහුගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් හා සමාජ සේවා කටයුතුවලින් ප්‍රදේශයට සේවයක් සිදු වී තිබේ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි)
එක්සත් ජාතික පක්ෂය (අලියා ලකුණ)
4 – කරුණාරත්න වාසල මුදියන්සේලාගේ වික්‍රමබාහු කරුණාරත්න (ජ්‍යේෂ්ඨ වාමාංශික නායකයෙකි)
8 – පාලිත කුමාර තෙවරප්පෙරුම
3 – ආනන්ද ලක්ෂ්මන් විජේමාන්න
ජාතික ජන බලවේගය (මාලිමාව ලකුණ)
1 – අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (අත ලකුණ)
12 – සුමිතා ප්‍රියංගනී අබේවීර (හිටපු ඇමතිවරියකි. කළුතර දිස්ත්‍රික්කයට තරග කරන කාන්තාවන් අතරින් පාර්ලිමේන්තුවට පත්වීම සඳහා ඉදිරියෙන් සිටින අපේක්ෂිකාව ඇයයි.)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (කුළුගෙඩිය ලකුණ)
10 – දුදීෂ දුමින්ද නාගමුව
ස්වාධීන කණ්ඩායම (1) (සරුංගලය ලකුණ)
2 – උඩවත්තගේ මහින්ද සිල්වා (රාජු) – මෙම අපේක්ෂකයා ස්වාධීන පුද්ගලයකු ලෙස ධෛර්ය සම්පන්න ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යන පුද්ගලයෙකි. සංචාරක කර්මාන්තයේ නියුතු ස්වයං රැකියා කරන පිරිස් අතර පදනමක් ඇති අයෙකි.
දුදීෂ කියලා නමක් දැක්කාමයි.
Mata hithena hetiyata nam , swabaavika heathu padhanamwa mewara chande prakaasa karanno aduviema matha sampradaayika prathipala wenasviya heka . Thawada samaharaviteka welle da masun meriya heka .
My preference ( I am from Kandy district so I do not have the mandate to select but for national I would like to see the following people are elected)
Pohottuwa
Vidura Wickremanayake
Mahinda Samarasinghe
SJB
Kumara Welgama
Rajitha
Ajith P Perera
Keerthi
NPP
Dr
Nihal Abesinghe
UNP
Wickremabahu