Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ

මෙය අලුත් දේශපාලන මුලපිරුම් පිළිබඳ සිතන්නට කාලයකි. පරණ වැඩ ශෛලීන් වෙනස් කරගෙන අලුත් අනාගතයකට සූදානම් විය යුතු කාලයකි.

ශ්‍රී ලංකාව පතුලක් නොපෙනෙන අගාධයක පහළට සතුටින් හැල්මේ යමින් සිටියි. දේශපාලනික වශයෙන් අඳබාල නායකත්වයක් හා සීමිත සහචර පිරිසක් ඉදිරියෙන් යති. ඔවුන්ගේ අදහස් පළකිරීම් හා ඔවුන්ගේ මාධ්‍ය විසින් පසුපසින් එන ජනතාවගේ දෑස් මිථ්‍යාවෙන් අන්ධ කර තිබේ.

නලින් ද සිල්වා වැනි ඊනියා න්‍යායාචාර්යවරුන්ට මෙම පාලක කල්ලියේ සමීප සහචරයන් වීමට අවස්ථාව ලැබී නැතිමුත්, ඔවුන්ගේ මුග්ධ, නාස්තිකවාදී, වඳ මතවාදය වර්තමාන පාලනයේ දෘෂ්ටිවාදය වී තිබේ.

ඉදිරි කාලයේදී ලංකාව හමුවේ අභියෝග රැසක් තිබේ. රාජ්‍ය හා ජාතික ආදායම් බිඳවැටීම, ණය ගෙවාගැනීමට නොහැකි වීම, ණය ගැනීමට නොහැකි වීම, ජීඑස්පී ප්ලස් වැනි සහන අහිමි වීම, චීනය විසින් ලංකාවේ මහජන දේපල අත්පත් කරගැනීම, ජිනීවා මානව හිමිකම් ගැටලු, හරක් ඇමතිවරුන්ගේ මරිවැඩ, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, පෞද්ගලික අංශයේ බිඳවැටීම්, බැංකු කඩාවැටීම්, උද්ධමනය, විරැකියාව, කොරෝනා, දූෂණය ආදී වශයෙන් වන එම ලැයිස්තුවේ අවසානයක් නැත.

එහෙත්, මෙම දුෂ්කර සමය පියමං කිරීම සඳහා අවශ්‍ය ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට තිබෙන බව අපට විශ්වාසය. ඒ සඳහා ජීවන විලාසයම වෙනස් කරගැනීමට සිදුවනු ඇත. පසුගිය සමයේ ප්‍රවර්ධනය කරන ලද කාමසුඛල්ලිකානුයෝගී, පාරිභෝජනවාදී, මිථ්‍යාදෘෂ්ටික ජීවන රටාවන්ගෙන් මිදී, මිථ්‍යාව පසුපස හඹා යාම නවතා, විද්‍යාත්මකව සිතන්නට හා කටයුතු කරන්නට ජනතාව යොමු කළ යුතුය. එකම විසඳුම එයයි.

මේ අතර, වත්මන් පාලනය සමග ගැටෙන්නට නොගොස් ඔවුන් පොරකා උදුරාගත් රාජ්‍ය පාලන වගකීමේ රස බලන්නට හා හැදෙන්නට හෝ නැතිවන්නට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදිය යුතුය. බලය අල්ලාගැනීම තමන් විසින් ගොඩනගාගන්නා ලද මුග්ධ බලවේගයට ඔවුන් සමග ගනුදෙනු බේරාගන්නට ඉඩදිය යුතුය. අප අරගල කළ යුත්තේ හැකිතරම් ජනතාව ඒ මෝඩ පොකුරෙන් ගලවාගන්නටය. කාලය විසින් බොහෝ දේ විසඳා දෙන නිසා අප එතරම් කලබල විය යුතු නැත.

මේ අඳුරු යුගයෙන් පසු අළු දූලි මතින් රට නැවත ගොඩනගන්නට අවශ්‍ය වන දේශපාලන ව්‍යාපාරවල හැඩතල අදට වඩා බෙහෙවින් වෙනස් වනු ඇත.

2 thoughts on “අලුත් දේශපාලන මුලපිරුම් සඳහා කාලයක්

  1. Thamanma hadaagath suopaya owuntama risise waladannta ida die paththiyan neta ho bada yanna ida die sitieme prasaktha buddhimath kriyaawaki .
    Hebei , ae suopaya gila demiemata niyama samaaja kriyaakarithwaya badajaarikamata horen ho daayaka nowunoth deashayata aluth desapaalana prawanathawayakata yomu kalahekiya .

  2. Navyamaya aramunu athulath deasapaalanika ekamuthuwak athiviya yuthuya . Aeya pawathina paksayaka wahantharaawa thulata ho yamkisi sammuthiyakin sidukala heka . Namuth lankawe gathanugathika samaajaye sithuvili raamuwaya gelapenna nam pehedili naayakathwayak awasyama wea .
    Tharuwak upadinne ek reyakin nowe . Deasapaalana naayakathwaya da ieta deveni nowea .
    Bihiwena naayakathwaya samajamaya gathanugathikathwayata samaanthara pathayaka pihitamin aluth jiewana kramayakata rata gena yaa yuththe mal nothalaa ron ganna bambarun pariddeni .
    Mehidie hekipamana honda minissu sihasun genviema karannama oone wedaki !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: