අප්පච්චි

අජිත් පැරකුම් ජයසිංහ
මං නිරීක්ෂණය කරල තියෙන බිම් මට්ටමේ අමුතු සීන් එකක් තමයි මේ නිකම් පහතරට අපි වගේ එවුන් පවා ළමයින්ට තමන්ගෙ මහඑකාට අප්පච්චි කියන්න පුරුදු කරන එක. මං හිතන්නෙ අප්පච්චි කියන වචනෙ භාවිතා වෙන්නෙ/ වුණේ නුවර කලාවියෙ. ඒ වුණාට දැන් ඒක සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල එක්ක සම්බන්ධ වෙලා මේ නුවර කලාවිය එක්ක වෙළඳාමක්වත් නොකරන එවුන්ගෙත් ළමයි උන්ට අප්පච්චි කියන රැල්ලක් නිර්මාණය වෙලා.
තාත්තා වගේම අප්පච්චි කියන වචනෙත් තියෙන්නෙ දෙමළ සම්භවයක්. දෙමළෙන් තාත්තාට අප්පා කිව්වට තාත්තා කියන්නෙ සීයාට. අප්පට සිරි, අප්පට හුඩු වගේ වචනත් සිංහලෙන් විස්මය දනවද්දි කියවෙනවා.
කොහොම වුණත්, ළමයින්ට අප්පච්චි කියන වචනෙ හුරු කළාට පැරණි ස්වරූපයෙන් අපුච්චා වගේ වචන නම් භාවිතා කරන්නෙ නැහැ. ඒ වුණාට, අපුච්චා කියන වචනෙ වැඩිපුර සිංහලකරණය වෙලායි තියෙන්නෙ. කලෙක මගේ දේශපාලන සගයකු වුණ රෝහිත භාෂණ අබේවර්ධන රත්නපුර පැත්තෙ කුලීන පවුලකින් පැවත ආ කෙනෙක්. ඒගොල්ලන් තාත්තාට කතා කළේ අපුච්චා කියලායි.
අප්පච්චි කියන වචනෙ ඔය සිංදුවලින් එහෙම රොමැන්තීකරණය කරලනෙ තියෙන්නෙ. ‘අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චි’ වගේ අතීතකාමී අප්පච්චි රූපය ගැන සිංදු නිර්මාණය කරන කාලෙ පවා ඉතින් ගංඔල තාත්තලා කසිය ගහලා පාරෙ සිග්සැග් යන ගමන් තමයි ඒ සිංදු මටර් කළේ.
පස්සෙ කාලෙක මහින්ද රාජපක්ෂ අප්පච්චි වුණා. එයාගෙ ළමයි නම් මං හිතන්නෙ එයාට කියන්නෙ තාත්තා හරි ඩැඩී හරි වෙන්න ඇති. උන් තාත්තගෙ මල්ලිලාට මාමි කියන කට්ටියනෙ. මහින්ද අප්පච්චි වුණේ ජීව විද්‍යාත්මක දරුවන්ට නෙමෙයි. දේශපාලනික අන්ධ භක්තිකාවන්ට තමයි වැඩිපුරම.
මේ විදියටම තමයි, සමහර මඟුල් ගෙවල්වලදි කට්ටිය උඩරට මුල් ඇඳුම අඳින්නෙත්. වැඩේ කියන්නෙ ඒක අඳින්නෙ කුලියට අරගෙන වීම. මං හිතන්නෙ ඒක ලාභයි.
පොටෝ එකේ ඉන්න උන්නැහැට 2015දි අප්පච්චි මළා කියලා නමකුත් පටබැඳුණු හැටි මතක ඇති නේද?
අපේ තියෙන කුප්පකමට අපි මේවට හිනාවුණාට ඉතින් මේවා අහිංසක වැඩ.
හැබැයි ඉතින් මේ සියල්ලෙන් නිර්මාණය වන සමස්තය වන සිංහල බෞද්ධ අතීතකාමී ජාතිකවාදය කියන එක නම් අහිංසක නැහැ. ඒක කොයිතරම් සමාජය තුළ මුල් බැහැගෙන තිබෙනවාද කියන කාරණේ ප්‍රකාශයට පත්වුණ අවස්ථාවක් තමයි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට මල්වතු අස්ගිරි මහනායකවරුන්ගෙන් ජනාධිපති වෙන්නට විවරණ ලබාගන්නට හිතුණ එක.
අපි මේ එකකටවත් විරුද්ධ නැහැ හොඳේ. අපි ඉතින් tongue in cheek කියල ඉංග්‍රීසියෙන් කියන විදියට විතරයි මේ ගැන කතා කරන්නෙ.
ළමුන් අප්පච්චි කියා තම පියා අමතන මා දන්නා එක පවුලක් සිටී. මා සිතා සිටියේ ඔවුන් නුවර පළාතේ කියායි. හැබැයි මේ පියා කොළඹ ඉපදී හැදී වැඩුණු, මුල්ගම ගාල්ල දිස්ත්‍රික්කයේ අයෙක්. එනිසා ඒ යෙදුම මට අරුමයක්.
Lankawe athi bahutharayak , heathukawa ho ahethukawa demala basa kathaakarannanan aruchiya .
Dutugemunu kathawe rasnaya paadakakota arambi ae aruchiya bala loobhi deasapalakayan visin palippu damamin thiewra kiriema saha boho gamiyan ruchi karana soldaadu uniformeya haraha Prabhaa dakwa giya gamaneadie rata bearagath thaneththaa yai bawthiesma karana lada Mahinda owunge appachchie lesa hadawathhi swayanwa hanwadu gesiema arumayak nowea .
Namuth siduwemin pawathina aarthika haa samaajayieya kalabegeaniya hamuwe APPACHCHE sannaamaye res hienavie atha .