Jana Aragala Vyaparaya

අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් පොහොට්ටු වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. හරිනි ජේවීපී වැඩිය. චම්පික මං පොරය.

පිටතින් නායකයකු ගෙනෙනවා නම්, කරු ජයසූරිය හෝ සාලිය පීරිස් වැනි අයෙකු හොඳය . දෙන්නාම ⁣අන්තර්වාර ආණ්ඩුවක සිටිනවා නම් වඩා හොඳය. ප්‍රභූ උපදේශක සභාවක් පිහිටුවීම ද ඉතා හොඳය.

කෙසේ වෙතත්, අරගලය නතර නොවිය යුතුය. මා සිතන පරිදි නම්, නිර්ප්‍රභූ පුරවැසියන්ට වඩාත් හොඳ පියවර යෝජනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරයයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවකි.

මූල්‍ය පාලන බලයක්, නීති සම්පාදන හැකියාවක්, ආරක්ෂක හමුදාවලට අණදීමේ හැකියාවක් නොමැති මහජන ආණ්ඩුවකට වර්තමාන මොහොත සම්බන්ධයෙන් ලොකු බලපෑමක් කළ නොහැක. එහෙත්, පිටත සිට කරන උද්දේශනයන් අන්තර්වාර පාලනය පවත්වාගැනීමට සහ නිසි දිශානතියක් වෙත යොමුකිරීමට ප්‍රයෝජනවත්ය.

ජනතා ආණ්ඩුව වැනි ක්‍රියාමාර්ග වැදගත් වන්නේ අන්තර්වාර පාලනයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේදීය. විශේෂයෙන් සමගි ජන බලවේගය වටා එකතු වී සිටින ලුම්පන් ධනපතියන් අතට බලය හුවමාරු වීම වළක්වාගැනීමටත්, නාමයෝජනා දීමේදී දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමටත්, ඒ සියල්ලටම වඩා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මහජන භාවිතාවක් සඳහාත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවක් වැදගත් වනු ඇත. දේශපාලනය උරුම විය යුතු සැබෑ පරපුර වෙත දේශපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් විවර කරදෙන්නට එවැනි පියවරක් ඉවහල් කරගත හැකිය.

එවැනි ක්‍රියාමාර්ගයකට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන්නේ නම්, පළමුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ගතානුගතික භාවිතාවන්ගෙන් නිදහස් විය යුතුය.

අලුත් බලාපොරොත්තු ඇතිකරන ජනතා ආණ්ඩුව යථාර්ථයක් කරගැනීමට අප උත්සාහ කළ යුතු යයි සිතමි. 

3 thoughts on “අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව

  1. Parleamethuwa biththi 4 k bawa den gamya voe aetha .
    Mung hemoma janathawata baye biraanthvie athi bawa dennam sak sudak men pahadiliya .
    Noothana paalaka kalliya balaya ath nohariemata maana balanne , janathaawata aadaren nowa , athariyoth unta melawena bawa hondinma dannaa nisai ….

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: