Suren Raghavan

සුරේන් රාඝවන් ආණ්ඩුකාරතුමාගේ කෙරුවාව මෙන්න

අප පහත පළ කරනු ලබන්නේ අප මිත්‍ර උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින් තබන ලද සටහනකි. සුරේන් බුද්ධිමතෙකි; විද්‍යාර්ථියෙකි; චින්තකයෙකි; සමාජ ක්‍රියාකාරිකයෙකි. එපමණක් නොව, ඔහු සුළුතර ප්‍රජාවක සාමාජිකයකු ලෙස ජාතිකවාදය ඉක්මවා ගිය ලාංකීය අනන්‍යතාව වෙනුවෙන් අරගල කරන්නෙකි.

Sinhala Tamil English Translations and Content Writing

ඔහු වැනි අයෙකු ආණ්ඩුකාර ධුරයකට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අගය කළ යුතු ය. එසේම, එය සුරේන්ට ලැබුණු මාහැඟි අවස්ථාවක් ලෙස අපි සලකන්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය වෙනුවෙන් අරගල කළ සමාජ ක්‍රියාකාරිකයකු අත බලය කුමනාකාරයෙන් හැසිරවේ ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් සුරේන් ඇසුරෙන් සිදු කළ හැකි ය. පළාත් සභා විසුරුවා හැර තිබෙන සමයක ආණ්ඩුකාරවරයකු කටයුතු කරන ආකාරය විශේෂයෙන් වැදගත් ය. හැමදාමත් බලය බෙදාගැනීම වෙනුවෙන් පෙනී සිටි සුරේන් රාඝවන් පළාත් සභා ක්‍රමය ම අක්‍රිය වීම පිළිබඳ මීට වඩා සංවේදී විය යුතු බව අපේ අදහසයි.

අනෙක් පැත්තෙන්, සුරේන් රාඝවන් ආණ්ඩුකාරතුමා ද, ඔහුගේ ප්‍රධානියා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද වත්මන් ආණ්ඩුවේ කොටස් ය. ඒ බව ඔහුට නැතත් ඔහුගේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට බොහෝ විට අමතක වෙයි. සමාජයේ තිබෙන සරලමතික මාධ්‍ය රැල්ල තුළ විචාර බුද්ධියෙන් තොරව නිගමන භාරගැනීමේ ස්වභාවය හේතුවෙන් සමාජය ‘මේ ආණ්ඩුව වැඩක් නැහැ. මොකුත් කළේ නැහැ,’ වැනි නොගැඹුරු ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. දේශපාලනික වාසි ගැනීමට ජනාධිපතිවරයා ද එවැනි ප්‍රකාශ කරයි. එවැනි සංදර්භයක් තුළ ආණ්ඩුව කළ හා කරමින් සිටින දේ තේරුම් ගැනීමට ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ පහත දැක්වෙන සටහන ඉවහල් වේ. කළ හොඳ, නරක දෙක ම ආණ්ඩුවේ සියලු පාර්ශ්වවලින් භාරගත යුතු ය. – සංස්කාරක

මම ජනපති සිරිසේන දුන් වගකීමක් බාරගත්තා නිසා මගේ අම්මගේ චරිතයත් මම බිවු කිරි වල ගුණයත් ගැන බොහෝ political conceptual analysis ලියු suburban-wannabe left radical බොහෝ facebook වීරයන් අද නොදැක්ක වගේ සිටියාට,

මාස 8කට අඩු කාලයක් තුල,

රජයේ රැකියා 3558 ක් පත් කර අවසන් (තවත් 2500 දීමට සැලසුම් ඇත)

ලංකාවේ විශාලතම ධිවර වරාය වැඩ අරඹා අවසන්

ලංකාවේ ලොකුම වැසි ජල අස්වැනු ව්‍යාපෘතිය අරඹා අවසන්

ලංකාවේ විශාලතම සමුපකාර සංවර්ධන බැංකුව දැන් ක්‍රියාත්මකයි (ආරම්ක පළාත් ආයෝජන මුදල රු බිලියන 2.5 )

ලංකාවේ ප්‍රථම වරට ආබාධිතයන් වෙනුවෙන්ම ප්‍රවාහන සේවාවක්

ඉඩම් නැති පවුල් 7000 කට රජයේ ඉඩම් ලබා දී ඇත

ලෝකයේ පළමු වරට සංගම් සාහිත්‍ය ග්‍රන්ථයක් වන තිරුක්කුරල් ජාත්‍යන්තර කර ඇත

යාපනයේ පළමු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් අති සාර්ථක ප්‍රතිපල

2050 තෙක් උතුරු පළාතේ පානිය හා කෘෂි ජාල අවශ්‍යතා පිලිබඳ හරිත සැලසුම නිමකර ඇත

කුඩා වැව් 500ක් පිළිසකර කිරීම අරඹා ඇත

( පොලිස් ඉතිහාසයේ පළමු වරට) දෙමල තරුණයන් 550 පොලිසියට බඳවාගෙන ඇත

ශ්‍රී ලංකා වේ ප්‍රථම දෙමල පොලිස් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවා ඇත

රාජපක්ෂලා රු බිලියන 2ක් වැය කරමින් හැදු පව්ලේ නිවාඩු නිකේතනය දැන් සංචාරක හෝටලයක් බවට නිම වී ඇත

හමුදාව රඳවාගෙන තිබුන පෞද්ගලික ඉඩම් අක්කර 900ක් මුල් අයිති කරුවන්ට ලබාදී ඇත

දින 45ක් තුලදී හමුදාවේ සහයෙන් අලුත් පාසල් ගොනගිලි 42ක් නිම කර හෙට (සැප්තැම්බර් 02) දරුවන්ට භාර කෙරේ

ළමා ආරක්ෂක පළාත් අධිකාරිය පිහිටුවා ඇත
පළාත් මාර්ග ආරක්ෂක අධිකාරියා පිහිටුවා ඇත 
පළාත් සංචාරක අධිකාරිය පිහිටුවා මධ්‍යස්ථාන 10 ක් දියුණු කිරීම අරඹා ඇත 
කොළඹ – යාපනය දුම්රිය සේවා 50% වැඩි කර ඇත

කළ තවත් බොහෝ දේ ඇත

රු. 60,000 මාසික පඩි යකට මේ සියල්ල කර දී ඇත්තේ දෙමලා වෙනුවෙන් ය
මෙරටේ ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් ය
මෙරටේ ශාකයෙන් මතුවූ හුස්ම ගත් නිසාය 
මෙරටට වැටුන වැස්ස නිසා බී ජලය නිසාය

ඔව් !! මා කෙරෙහි විස්වාසය තැබූ සිරිසේන නිසාය

නමුත් මා තවමත් කර ඇත්තේ කුඩා පැලයක් සිටවීම පමණක් යයි සිතෙයි