Ravi Seneviratne

2023 ඔක්තෝබර් 28 දින අළුයම් කාලයේදී බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබුණු මෝටර් රථයක් නවතා තිබුණු මෝටර් රථයක පසුපසින් හැප්පූ අතර, එම වාහනය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක හැපිණි.

රථයේ රියදුරා හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න වන අතර ශ්වසන පරීක්ෂාවෙන් ඔහු මත්පැන් පානය කර සිටි බව පැහැදිලි වූ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පසුව, ජාතික ජන බලවේගයට එක් වූ රවි සෙනෙවිරත්න දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔහු ඉතා බලවත් පුද්ගලයෙකි. ඒ බලය නීතිපති දෙපාර්තමේන්තුව වෙත විහිදීම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කකි.

ඔහුට එල්ල කරන ලද චෝදනා අතරින් බීමත්ව රිය පැදවීම සහ අපරීක්ෂාකාරීව රිය පැදවීම යන චෝදනා ඉවත් කර අනතුරක් වළක්වා ගැනීමට අසමත් වීම යන චෝදනාව පමණක් පවත්වාගෙන යා යුතු බවට මතයක් දැන් නීතිපතිවරයාට පහළ වී තිබෙන අතර, එය අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

නීතිපතිවරයා ද මෙතැනදී ඇඟ බේරාගෙන කටයුතු කර ඇත. ඔහු ඉදිරිපත් කරන්නේ මතයකි. උපදෙසක් නිකුත් කරන්නේ නැත. ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය එකී මතය පිළිගෙන නැති අතර, ඒ වෙනුවට පැහැදිලි උපදෙසක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

රවි සෙනෙවිරත්නගේ නීතීඥවරයා තම සේවාදායකයා වෙනුවෙන් වෙනත් විනිශ්චයකාරවරයකු ඉල්ලා සිටියි.

රවි සෙනෙවිරත්න මෙහිදී අසමත් වී ඇත. ඔහු ඉතා දක්ෂ ලෙස මාලිමාවේ සාක්කුවට බැසගත් මුත්, තමන්ට එරෙහිව ඇති මෙම චෝදනාව ඉවත් කරගැනීම සඳහා හරියට සාක්කු පල්ල අතගෑමට සමත් වී නැත.

මෙයට හේතුව කුමක් විය හැකිද? ඔහු මේ ගේමට එන්ටර් වෙන්නට ඇත්තේ තවත් අය හරහා විය හැකිය. ඒ අය ද ඇඟ බේරාගෙන වැඩේ කරදෙන්නට උත්සාහ කරනවා විය හැකිය.

ඇඟ බේරාගෙන මේවා කළ නොහැකිය. මෙවැනි ගේමක් ගසන්නේ නම් හරියට ගැසිය යුතුය. බාගෙට ගසන්නට යන එක සුයිසයිඩල් හෙවත් සියදිවි නසාගන්නා මට්ටමේ වැඩය.

ඕවා හැමදාමත් සිදු වුණේ ඔහොම තමාය. දක්ෂයෝ ඒවා දක්ෂ විදියට ගොඩදාගත්හ. අදක්ෂයෝ නාගත්හ. සිස්ටම් වෙනස් වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *