– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි. ජනාධිපතිවරුන් ධූර කාලයෙන් පස්සෙ හිරගෙදර හෝ මහපාරෙ හෝ බල්ලන් වගේ මැරිල යන එකට ලංකාවෙ ජනතාව කැමති නම් මට මොකද? මං ජනාධිපති තියා මැම්බර් කෙනෙකුවත් වෙන්නට අදහසක් තියෙන කෙනෙකු නෙමෙයිනෙ.

මීන්වයිල්, දිලීප පීරිස් මැතිඳුන්ගෙ මිෂන් එක මට තේරෙන විදියට ඔය අධිකරණයේදී ඔය විදියට කියවන එක තමයි. ඒ වාචාල කතා නඩුවට කෙසේ වෙතත් මාධ්‍යවලට මරු. ඒකෙන් ප්‍රභූන්ගෙ රෙදි ගැලවිලා යන එකෙන් නිර්ප්‍රභූන්ට ආතල් එකක් ලැබෙනවනෙ. මට මොකද?

ලංකාවෙ දේශපාලන ප්‍රභූන්ගෙ චර්යාව ගත්තත්, ගස් ගඳයි නිර්ප්‍රභූන්ගෙ වගේම. ඔක්කොම එක ජාතියෙ නැට්ට නැති වානරයො.

ලංකාවෙ දේශපාලන ප්‍රභූන්ගෙ මූලික ගැටලුව තමයි, උනුත් ජවිපෙ වගේම වාමාංශික ඔලු තියෙන රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයන් මිස ව්‍යවසායකයන්ගෙ නියෝජනයක් නොවීම. ඒ නිසා තමයි, රනිල්ගෙ ගොම්මොළේ ඉස්සරහට ඇවිත් ජවිපෙට බලය අරන් දෙන්න හිතුනෙ. ඒකෙත් සමාජ සංවර්ධනය විෂයෙහිලා ප්‍රගතිශීලී මෙව්ව එකක් නැත්තෙ නැහැ. ජවිපෙ කරගැහුවෙ අමු නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයකට. ඒක හරියට කරන්න වහල්ලු වගේ දිව විකාගෙන වැඩ කරනවා. පව්! අපට තියෙන්නෙ දිව හක්කෙ ගහගෙන බලා ඉන්න, ආතල් කීතල් පොල්තෙල් හොලිඩේ මූඩ් එකේ.

හැබැයි ඉතින්, ඒ දේශපාලන ප්‍රභූන් තමන්ගෙ ඒ ගොබ්බකම වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තියෙනවා. ඒ අනුව සමහර විට රනිල්ට හිරේ මැරෙන්නට වුණත් පුදුම වෙන්න එපා. නාමල්ට, පාටලීට, සජිත්ට වුණත් ඒ අවදානම තියෙනවා, ජනාධිපතිවරණය ළං වෙනකොට. බල දේශපාලනය එහෙම තමයි. නිදහසේ මැරෙන්නට ඕනැ නම් මේ මං වගේ වෙන්න.

රනිල් එක්ක අපට තිබුණෙ දුරස්ථ දේශපාලන සම්බන්ධයක් විතරයි. ඒකෙ කිසිම ඉමෝෂනල් දෙයක් අපට නැහැ. ඒ නිසා අනුරයි, විජේබාලනුයි, ශානියි, දිලීපයි රනිල් හොද්දට ගත්තත් අපට අපුල හැර වෙන මොනම පෞද්ගලික දෙයක්වත් නැහැ. උන්ගෙ හොද්දට අපි පාන් වෙන්නෙ නැහැ. ඒක තමයි අප රකින වටිනාකම.

රනිල් පුරාවෘත්තයක් විදියට ඉතිහාසගත වෙලා ඉවරයි. රනිල්ට දැන් හිටියත් එකයි, මළත් එකයි. ලංකාවෙ දේශපාලන පුරාවෘත්ත තියෙන්නෙ තුනයි. ජේආර්, රනිල් සහ ප්‍රභාකරන්. අනෙක් අය නිකම්ම නිකම් නායකයන් විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *