බන්දුල පෙතියා (විද්‍යාත්මක නාමය: පෙතියා බන්දුල) සත්ව නාමයෙහි දක්නට ලැබෙන “බන්දුල” යන්නෙන් අදහස් කරන්නේ 1987දී ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ අසලදී මෙම විශේෂය මුලින්ම සොයා ගත් විසිතුරු මත්ස්‍ය එකතු කරන්නෙකු වන රංජිත් බන්දුල ය.
ඔහු මෙම මත්ස්‍යයාගේ නිදර්ශකය ප්‍රකට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු, ස්වභාවවේදියකු, මත්ස්‍යවේදියකු සහ විසිතුරු මත්ස්‍ය විශේෂඥවරයකු වන රොඩ්නි ජොන්ක්ලාස් වෙත ලබා දුන්නේය. රොඩ්නි ජෝන්ක්ලාස් ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ 1962දී නිෂ්පාදනය කරන ලද රන්මුතුදූව චිත්‍රපටය නිසාය. ඔහු එය නිෂ්පාදනයට සහාය වෙමින් එහි කිමිදුම්කරුවකු ලෙස ද රඟපෑවේය.
පළපුරුදු විසිතුරු මසුන් ඇතිකරන්නකු වූ රංජිත් බන්දුල මුලින් විශ්වාස කළේ එම මත්ස්‍යයා දන්නා විශේෂයක ප්‍රභේදයක් හෝ දෙමුහුන් වර්ගයක් විය හැකි බවයි. එහි සුවිශේෂත්වය හඳුනා ගත් රොඩ්නි ජෝන්ක්ලාස් එම නිදර්ශකය මත්ස්‍ය විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ වෙත ලබා දුන්නේය. ඔහු තවත් මත්ස්‍ය විද්‍යාඥයකු වූ මොරිස් කොට්ටෙලට් සමඟ සහයෝගයෙන්, 1991 දී එය නව විශේෂයක් ලෙස විධිමත් ලෙස විස්තර කළේය. මත්ස්‍යයා සොයාගත් රංජිත් බන්දුලට ගෞරව පිණිස එම මත්ස්‍යයා පෙතියා බන්දුල ලෙස විද්‍යාත්මකව නම් කරන ලදි.