රනිල් – සජිත් සාකච්ඡා අසාර්ථකයි; කෘත්‍යාධිකාරිය ප්‍රතික්ෂේප කළොත් රනිල් විශ්‍රාම යයි

සැප්තැම්බර් 10දා රාත්‍රියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වුණ සාකච්ඡාව ද පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයකින් තොරව නිමාවට පත් වී තිබෙන බව වාර්තා වේ.
එහෙත්, සජිත් ප්‍රේමදාස හා ඔහුගේ පාර්ශ්වයේ අය සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශ කළේ සාකච්ඡා සාර්ථක බවයි.
මෙම සාකච්ඡාව ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසිනි. එය එජාප නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර ඒ දෙදෙනා පමණක් සහභාගි වන සාකච්ඡාවකැයි සජිත් පාර්ශ්වය කලින් දැනුම් දුන්න ද, පසුව එම පාර්ශ්වයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර යන අය ද, එක්සත් ජාතික පෙරමුණේ රාජිත සේනාරත්න ද සාකච්ඡාවට සහභාගි වූ හ.
කෙසේ වෙතත්, සාකච්ඡාව සුහද අන්දමින් සිදු වුණ බව වාර්තා වේ. එහෙත්, නැවත සාකච්ඡා පවත්වන දිනයක් සම්බන්ධයෙන් හෝ තීරණයකට එළැඹ නැත. සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි, පිළිගත හැකි සම්මුති යෝජනාවක් රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස අසමත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මේ වන විට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොපිළිගන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කරන ලද බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස යටතේ අගමැති තනතුර සඳහා ඉදිරිපත් කරන ලද අනියම් යෝජනා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ උනන්දුවක් ප්‍රකාශ කර නොතිබිණි. සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත්, රනිල් අගමැති කරනු ඇති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට හෝ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය කැමැත්තක් දක්වා නැත.
Daniel gawrawanieya samu ganiemak kaloth sudusui Kit as hithenne mata vitharada ?