Rohini Kosoglu

ඉහළ ඡායාරූපයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි. ඇගේ නම රෝහිණී කොසොග්ලු ය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකි.

Translations by Creative Content Consultants

ඇගේ මව්පියන් වන වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් සහ ශෝබනා 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ යාපනයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ.

කමලා හැරිස් එක්සත් ජනපද උප ජනාධිපති අපේක්ෂිකාවක වීමේ අවස්ථාව ලද පළමු ආසියාතික සම්භවයක් ඇති කාන්තාව මෙන් ම සුදු ජාතික නොවන කාන්තාව ද වේ.

පළපුරුදු දේශපාලන කාර්යමණ්ඩල නිලධාරිනියක වන රෝහිණී කොසොග්ලු 2018දී සෙනෙට් සභික කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් වුණා ය.

රෝහිණී කොසොග්ලු මිචිගන් හා ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලවල උපාධිධාරිනියක වන අතර හාවඩ් කෙනඩි පාසලේ දේශපාලන විද්‍යායතනයේ රෙසිඩන්ට් ෆෙලෝ නාමධාරිනියකි.

එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020 නොවැම්බර් 3දා ය. රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කරන ජෝ බයිඩන් ජයගැනීමේ ඉඩක් ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

කමලා හැරිස්
Translations

2 thoughts on “ධවල මන්දිරයට කිට්ටු වෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණී

  1. Thanhaawa paththiyanwoo majara deasapalakayan sitinathaakkal , siri lankawa thula jathyantharaye athiwemin pawathina podu laksana pahalawenne netha !

  2. මැයගේ දෙමව්පියන් අමෙරිකාවට සංක්‍රමණය වන්නේ අසූව දශකයේ නම්, එයට ප්‍රධාන හේතුව අපේ අයගේ ජාත්‍යාලය පෙරදැරි කරගත් මානුෂික මෙහෙයුම් නිසා වෙන්නට ඇති. ඉතින් තව දුරටත් ඇය අපේ කෙනෙක් යැයි කීම සදාචාරාත්මකව ගැළපෙනවාද යන්න සිතා බැලිය යුත්තක්!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: