Rannagala Ella - Matugama Haritha Mithuro

සුන්දර රන්නගල ඇල්ල මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකටම අයිති ස්වාභාවික සම්පතක්. එහි එක් ඉවුරක් දොඩංගොඩටත්, අනෙක් ඉවුර මතුගමටත් අයිතියි.

“ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන යටතේ පසුගිය සැප්තැම්බර් 19 දින එම ස්ථානය පිරිසිදු කෙරුණා. මතුගම හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා දෙපළ, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, මතුගම Clean Sri Lanka සම්බන්ධීකාරකතුමිය, ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමන්, වෝගන් වතුයායේ වතු පාලකතුමන්, යටදොළවත්ත හමුදා කඳවුරේ නිලධාරීන්, ඉද්දගොඩ වසමේ ප්‍රජා සංවර්ධන සභාවේ නිලධාරීන් හා සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙයට දායක වුණා.

එතරම් උස නැති ඇල්ලක් වන මෙහි ස්වාභාවික මෙන්ම මිනිසා විසින් සකස් කරන ලද ආරක්ෂිත නාන තටාක (Natural Bathing Pools) කිහිපයක් තිබෙනවා. පවුලේ සැමට බියකින් තොරව ආරක්ෂිතව දිය නෑමට සුදුසු ස්ථානයක්. අනතුරු අවමයි. අවුරුද්දේ වැඩි කාලයක් වැසි ලැබෙන බැවින් අවුරුද්දේ බොහෝ කාලයක් මෙම ඇල්ල දියෙන් පිරී මනස්කාන්තව තිබේ.

මෙහි විශාල වශයෙන් පැමිණෙන සංචාරකයින් පරිසරයට මුදාහරින ප්ලාස්ටික් හා පොලිතින් වැනි කසළ හේතුවෙන් මෙම සුන්දර පරිසර පද්ධතිය දූෂණය වීමේ තර්ජනයකට මුහුණ පා තිබෙනවා.

මෙයට විසඳුමක් වන්නේ මෙම ස්ථානය පිරිසිදුව තබා ගැනීම සහ පාලනය සඳහා කාර්ය මණ්ඩලයක් යෙදවීමයි. ඒ සඳහා යන වියදම ටිකට් පතක් නිකුත් කිරීමෙන් පහසුවෙන් ප්‍රතිපූරණය කර ගත හැකිය. ලැබෙන ආදායම මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය සභා දෙක අතර බෙදා ගැනීම ඉතා පහසුය.

ඡායාරූප ආයුබෝවන් ඉද්දගොඩ වෙබ් පිටුවෙනි. ඇප්වලින් හැඩ නො දමන ලද එම ඡායාරූප එහි සැබෑ සුන්දරත්වය නිරූපණය කරයි. කවරයේ ඡායාරූපය හරිත මිතුරෝ ෆේස්බුක් පිටුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *